මුහුදු කොල්ලකෑම් මර්දන මුර සංචාරය අතරතුර ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් ජිබුටි වෙත පැමිණෙයි.

Spread the love

ඒඩන් බොක්කෙහි වෙළද යාත්‍රා ආරක්ෂිතව සංක්‍රමණය කිරීම සහතික කිරීම සඳහා පවත්වන මුර සංචාරයේ යෙදී සිටි ඉන්දියානු නාවික හමුදාව සතු  INS කොල්කටා නෞකාව ජිබුටි වෙත සංචාරය කළේය.

2008 ඔක්තෝම්බර් මාසයේ සිට ඒඩන් බොක්ක ප්‍රදේශයේ මුහුදු කොල්ලකෑම් මර්දන මුර සංචාර සඳහා ඉන්දීය නාවික හමුදාවේ යුද නෞකා යොදවා ඇති බව ඉන්දීය නාවික හමුදා ප්‍රකාශක ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, INS කොල්කටා හි අණදෙන නිලධාරී කපිතාන් ප්‍රශාන්ත් හන්ඩු මෙම සංචාරය අතරතුර ජිබුටි ජාතික නාවික හමුදාපති කර්නල් අහමඩ් ඩහේර් ජමා සහ ජිබුටි වෙරළාරක්ෂක ප්‍රධානී කර්නල් වයිස් ඕමාර් බොගෝරේ හමුවිය.

ජිබුටි නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් සමඟ සම්භාවනීය අමුත්තන් දෙදෙනාම INS කොල්කටා වෙත ද සංචාරය කළහ.

“ජිබුටි වෙරළාරක්ෂක බලකාය සහ නාවික හමුදාව විසින් ආචාරශීලීත්වය සහ සුහදතාවය ඉන්දීය නාවික හමුදාව සමඟ බෙදා ගත් බවත් ශක්තිමත් මිත්‍රත්වයක් පිළිබිඹු කළ බවත් ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්

Related Posts