මුදල් ඇමතිගේ අය වැය කතාව අද පස්වරු 3 සිට

Spread the love

2018 වසර සදහා වන රජයේ අය වැය යෝජනාවලිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.
ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්.

2018 මුදල් වර්ෂය සඳහා රජයේ වියදම රුපියල් බිලියන 3982ක් වන අතර එම වර්ශයේ අපේක්ෂිත රාජ්‍ය ආදායම හා ප්‍රදානයන්හි එකතුව රුපියල් බිලියන 2175ක්.

රජයේ සමස්ත වියදමින් රාජ්‍ය ණය ආපසු ගෙවීම, වැන්දඹු හා අනත්දරු අරමුදල සඳහා වූ දායක මුදල් වැනි දැනටමත් පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනත් යටතේ දැරීමට නියමිත වියදම රුපියල් බිලියන 2,005.1 ක් වන බැවින් එම වියදම හැර එම සමස්ත වියදමෙන් රුපියල් බිලියන1,977 ක වියදම් දැරීම සඳහා යෝජිත විසර්ජන පනත් කෙටුම්පත මගින් බලය ලබා ගත යුතුයි.

එයින් 2018 වර්ෂයේ රජයේ පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 1,308.9 ක් ලෙසත්, ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 668 ක් ලෙසත් ඇස්තමේන්තු ගත කර තිඛෙනවා.

විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2018 වසරේ වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයටය. පුනරාවර්තන හා මූල්‍යම වශයෙන් එම මුදල රුපියල් කෝටි 29,071කි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 22,757 කෝටියක මුදලක්ද රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයට රුපියල් කෝටි 18,562ක මුදලක්ද වෙන්කර

ජනාධිපතිවරයා සඳහා 1 මෙහෙයුම් වැඩසටහන සහ 2 සංවර්ධන වැඩසටහන සඳහා පුනරාවර්තන හා මූල්‍යම වියදම් ඇස්තමේන්තු රුපියල් කෝටි 9,982ක්ද අගමැති කාර්යාලයේ 1 මෙහෙයුම් වැඩසටහන වෙනුවෙන් රුපියල් කෝටි 174ක්ද ඇස්තමේන්තු කර තිඛෙනවා.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයට රුපියල් කෝටි 18,275ක්ද අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් කෝටි 10,288ක්ද සමාජ සවිබල ගැන්වීමේ සුබසාධන හා කන්ද උඩරට උරුමය අමාත්‍යාංශයට රුපියල් කෝටි 1,857ක්ද වෙන් කර ඇති අතර සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි 17,840ක්ද අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් කෝටි 10,288ක්ද වෙන්කර තිඛෙනවා.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයට රුපියල් කෝටි 2,573ක්ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 776ක්ද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 2,379ක්ද වෙන්කර තිඛෙනවා.

මැතිවරණ කොමිසම වෙනුවෙන් රුපියල් කෝටි 631ක්ද ඇතුලත්.
මෙම ඇස්තමේන්තු ඇතුළත් කර 2018 වසර වෙනුවෙන් නව අය වැය මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා නොවැම්බර් 9 වැනිදා පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. නොවැම්බර් 10 වැනිදා අය වැය විවාදය ආරම්භ වී 15 වැනිදා සෙනසුරාදා ඡන්ද විමසීමකටද නියමිතයි.
අය-වැය තුන් වැනි වරට කියැවීම හෙවත් කාරක සභා අය-වැයේ විවාදය නොවැම්බර් 16 වැනිදා සිට දෙසැම්බර් 9 වැනිදා දක්වා දින 19ක් තුළ පැවැත්වීමටද නියම කර ගෙන තිඛෙනවා.

RSL

Related Posts