මීටර් සවිකර ඇති ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන කෝටාව වැඩි කරනවා

Spread the love

මීටර් සවිකර ඇති ත්‍රීරෝද රථ සඳහා දැනට ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට අවධානය යොමුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. මීටර් සවිකර ඇති සහ මිල ප්‍රදර්ශනය කර සාධාරණ ගාස්තු අයකරන පිරිස් සඳහා මෙලෙස ඉන්ධන කෝටාව වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

දැනට ත්‍රීරෝද රථ ලබාදෙන ලීටර් 5 ප්‍රමාණය ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් ලබා ගැනීමටත් වැඩි කරන ඉන්ධන කෝටාව තෝරාගත් ඉන්ධන පිරවුම්හලකින් ලබා ගැනීමට අවස්ථාව සලසන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිසන් සභාව සහ ප්‍රවාහන අමාත්‍යංශය හා පළාත් සභා මඟින් තොරතුරු එක්රැස් කර ගැනීමෙන් අනතුරුව මෙය ක්‍රියාත්මක කරන බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ

Related Posts