මැතිවරණ කල් දැමීමේ උත්සාහය නැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නවා

Spread the love

සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව හරහා මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව දරන උත්සාහය නැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා.

මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ, අවශ්‍ය මොහොතේදී ඒ සදහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද සූදානම් බවයි.

ජනතාව තුළ ආණ්ඩුවට ඇති අකමැත්ත මැතිවරණයට ගියහොත් ඔප්පු වන බැවින් එය නැවැත්වීම සඳහා ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts