මාර්තුවලට පෙර මැතිවරණය පැවැත්විය යුතු නම් පවතින කොට්ඨාශ ක්‍රමය යටතේ එය සිදුකළ යුතුයි – මහින්ද දේශප්‍රිය

Spread the love

එළැඹෙන පළාත් පාලන මැතිවරණය මාර්තු 20 ට පෙර පැවැත්වීමට අවශ්‍ය නම් සිදුකළ යුත්තේ, පවතින කොට්ඨාශ ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීම බව සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

ඒ අනුව සභික සංඛ්‍යාව අඩු කරමින් නව කොට්ඨාශ යටතේ මැතිවරණය පැවැත්විය නොහැකි බවයි මහින්ද දේශප්‍රිය පෙන්වා දෙන්නේ.

එසේම සීමා නිර්ණය හරහා පළාත් පාලන ආයතනවල නියෝජිතයින්ගේ සංඛ්‍යාව 4,000 ක් දක්වා අඩු කිරීම කළ නොහැකි බවත් සාධාරණ සංඛ්‍යාව වන්නේ 6,000 ක් හෝ 6,500 ක ප්‍රමාණයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් රජය සඳහන් කර ඇත්තේ පළාත් පාලන ආයතනවල නියෝජිතයින්ගේ සංඛ්‍යාව 4,000 ක් දක්වා අඩු කරන ලෙස බවත් එම නිසා 5,000 කට අඩුවෙන් එය සිදු කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts