ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍යංශයේ සම ලේකම් ප්‍රමුඛ නියෝජිත පිරිසක් ඉන්දීය මානුෂීය ආධාර අධීක්ෂණය කිරීම සඳහා ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර වෙත සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මානුෂීය ආධාර ඇෆ්ගනිස්ථානයේ ජනතාවට බෙදාහැරිමේ ක්‍රමවේද පිළිබඳව තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සමඟ සාකච්ඡා කිරීමට ඉන්දීය නියෝජිතයින් බලාපොරොත්තු වේ.

මීට අමතරව, කණ්ඩායම මානුෂීය ආධාර බෙදා හැරීමට සම්බන්ධ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් ද හමුවීමට නියමිතය.

ඉන්දියාව දැනටමත් තිරිඟු මෙට්‍රික් ටොන් 20,000 ක්, ඖෂධ ටොන් 13 ක්, කොවිඩ් එන්නත් මාත්‍රා 500,000 ක් සහ ශීත ඇඳුම් වලින් සමන්විත මානුෂීය ආධාර තොග කිහිපයක් යවා ඇත.

“මෙම තොග කාබුල් හි ඉන්දියාවේ ගාන්ධි ළමා රෝහලට සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ආහාර වැඩසටහන ඇතුළු එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතන වෙත භාර දෙන ලදී

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන පරිදි තවත් වෛද්‍ය ආධාර සහ ආහාර ධාන්‍ය ඇෆ්ගනිස්ථානයට යැවීමේ ක්‍රියාවලියක යෙදී සිටී,”

ඉන්දියාවේ නිෂ්පාදිත කොවැක්සීන් මාත්‍රා මිලියනයක් ඉරානයේ ඇෆ්ගන් සරණාගතයින් සඳහා

ඉරානයේ ඇෆ්ගන් සරණාගතයින් සඳහා දෙන ලදී.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන පරිදි ඉන්දියාවේ සංවර්ධනය ආධාර ඇෆ්ගන් සමාජයේ පුළුල් ඇගයීමක් ලබා ඇත,”

ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාව අතර අවිච්ඡින්න කාලයක පටන් ශිෂ්ටාචාරගත සබඳතා ඇති බවත් මෙම මානුෂීය ආධාර සැපයීම තුළින් එම සබඳතා නව ප්‍රවේශයකට අවතීර්ණ වීමට අවස්ථාව සලසන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්