මාධ්‍යවේදීන්ගේ ක්‍රියාකලාපය නිසා මන්ත්‍රීවරුන්ගේ දරුවන්ට පාසලකට යන්නත් බැහැ

Spread the love

මාධ්‍යවේදීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් අවංක මන්ත්‍රීවරයෙකුගේ දරුවෙකුට පාසලකට පවා යාමට නොහැකිවී ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.

උදෑසන පත්තර වැඩසටහන්වල මාධ්‍යවේදීන් සිදුකරන යම් යම් ප්‍රකාශ හේතුවෙන් මන්ත්‍රීවරුන්ගේ දරුවන්ටද පාසල්වලදී විවිධ ප්‍රකාශ කරමින් අපහාස කරන තත්ත්වයක් ඇතිවී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ යම් අර්බුදකාරී තත්ත්ව ඇති මන්ත්‍රීවරු සිටින බව පිළිගන්නා බවත් එසේම මාධ්‍යවේදීන් අතරද අරක්කු බෝතල් දෙකක් ලබාදී යම් කිසි මන්ත්‍රීවරයෙකුට විරුද්ධව ප්‍රවෘත්තියක් පළ කරන්න යැයි කියූ විට පළකරන මාධ්‍යවේදීන් සිටින බවයි ඔහු සඳහන් කළේ.

සමහර මාධ්‍ය ආයතන විසින් ඔවුන් පාර්ලිමේන්තුව පාලනය කරන බව සිතාගෙන සිටියත් එවැනි කටයුතු සඳහා ඉඩ ලබා නොදෙන බවයි අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts