භූතයින්ට අඬනවා වගේ රඟපාන්න පුළුවන්

Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිටුපස සිට මෙහෙයවන්නේ බැසිල් රාජපක්ෂ බව මෙතෙක් කල් තමා ඇතුළු පිරිස් අනුමාන කර මාධ්‍ය හමුවල පැවසූ දෙය, ඊයේ රැස්වීමක් කැඳවා ජාතියටම ඔවුන් ප්‍රකාශ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

විනාශ වූ පිරිස් යළි නැගිටින බවට ඔවුන් ප්‍රකාශ කර ඇති බවද, මිය ගිය පසු නැවත පැමිණෙන්නේ භූතයින් හා හොල්මන් පමණක් බවද, එසේ භූතයින් හා හොල්මන් පැමිණීම ජනතාවට අහිතකර වන බැවින් තොවිලයක් නටා හෝ භූතයින් පන්නා දැමිය යුතු බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

භූතයින්ට අඬන්නට සහ අඬන ආකාරයෙන් රඟපාන්නට හැකි නමුත්, භූතයින්ගේ වැඩ හේතුවෙන් අද මිලියන 22 ක ජනතාවක් අඬන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

Related Posts