බෙල්ලන්විල හිමිගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් හෙට පාරවල් වැහෙන්නෙ මෙහෙමයි

Spread the love

ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිගේ ආදාහන පූජෝත්සවය හෙට දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර, බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ සිට හෙට දින පස්වරු 1 ට බොරලැස්ගමුව හංදියේ සිට 120 බස් මාර්ගයේ රත්නපිටිය හංදියට පැමිණ රත්තපිටිය හංදියෙන් විශ්වවිද්‍යාල මාවත ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළට පැමිණීමට නියමිතව තිබේ.

ආදාහන පෙරහර හේතුවෙන් පහත දැක්වෙන මාර්ගවල වාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.

ඒ අනුව පස්වරු 12.30ට පමණ මහරගම දෙහිවල මාර්ගය බෙල්ලන්තර හංදියෙන් බොරලැස්ගමුව දෙසට ගමන් කරන වාහන සඳහා බෙල්ලන්තර හංදියෙන් වාහන ගමනා ගමනය සීමා කරයි.

එයට විකල්පයක් ලෙස දෙහිවල සිට බොරලැස්ගමුවට පැමිණෙන සියලූම වාහන බෙල්ලන්තර හංදියෙන් වමට හැරී කීල්ස් වටරවුම දක්වා පැමිණ කීල්ස් වටරවුමෙන් දකුණට හැරී 117 බස් මාර්ගය ඔස්සේ පැපිලියාන හංදියට පැමිණ 120 මාර්ගයට ප්‍රවේශ විය හැකියි.

ආදාහන පෙරහැර බොරලැස්ගමුව හංදියෙන් 120 මාර්ගයේ රත්නපිටිය හංදිය දෙසට ගමන් කිරීමේ දී 120 මාර්ගයේ කොළඹින් පිටවීමේ මංතීරුව දෙපසට ගමනාගමනය සඳහා යොදවා ගැනීමට කටයුතු කරන අතර පෙරහැර රත්නපිටිය මංසන්ධියට ළඟා වන විට 120 බස් මාර්ගය බොරලැස්ගමුව හංදියෙන් හා පැපිලියාන හංදියෙන් වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරනු ඇත.

ඒයට විකල්ප ලෙස බොරලැස්ගමුව හංදියෙන් කොළඹ දෙසට ගමන් කරන වාහන බොරලැස්ගමුව දෙහිවල මාර්ගයේ බෙල්ලන්තර හංදියෙන් දකුණට හැරී කීල්ස් වටරවුමට පැමිණ කීල්ස් වටරවුමෙන් දකුණට හැරී 117 බස් මාර්ගය ඔස්සේ පැපිලියාන හංදියට පැමිණ පැපිලියාන මංසන්ධියෙන් වමට හැරී කොළඹ දෙසට ගමන් කළ හැක.

තවද බොරලැස්ගමුව හංදියෙන් දකුණට හරවා මහරගම හංදියට පැමිණ මහරගම හංදියෙන් හයිලෙවල් මාර්ගයේ වමට හැරී කොළඹ දෙසට ගමන් කළ හැකියි.

රත්නපිටිය හංදියට ආදාහන පෙරහර ළඟාවන විට විශ්වවිද්‍යාල මාවත ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාල අසළින් වාහන ගමනා ගමනය සීමා කෙරේ.

මීට අමතරව විජේරාම හංදියේ සිට මහරගම දක්වා දිවෙන එගොඩවත්ත මාර්ගය විජයරාම මංසන්ධියෙන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසළින් ආදාහන පෙරහැර විශ්වවිද්‍යාලය අසලට පැමිණෙන විට වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු යොදා ඇත.

එගොඩවත්ත පාර පදිංචිකරුවන් සඳහා විශ්වවිද්‍යාලය තෙක් ඇතුළුවීමට ඉඩකඩ සලසා ඇති අතර විජයරාම හංදියේ සිට පදිංචිකරුවන් සඳහා විශ්වවිද්‍යාල අසර රබර් වත්ත පාර දක්වා ගමන් කිරීමට හැක.

RSL

Related Posts