බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ජනපතිගේ අවධානයට

Spread the love

බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වී තිබේ.

සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීමේ දී මේ පිළිබඳව අවධානය යොමු වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීම ඊයේ (03) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

එහිදී බුද්ධ ශාසනයේ අභිවෘද්ධීය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම භික්ෂු අධ්‍යාපනය නංවාලීම පිළිබදව කරුණු සාකච්ඡා වී තිබේ.

සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන් මෙහි මූලාසනය හෙබවූ අතර ශාස්ත්‍රපති පූජ්‍ය ගෝනදූවේ ගුණානනද හිමියන් ඇතුලු භික්ෂූන් වහන්සේ මෙම අවස්ථාවට වැඩම කර සිටියේය.

RSL

Related Posts