බ්‍රිතාන්‍යයට ඇමෙරිකානු පොලිස් විශේෂඥයකුගේ සහය

Spread the love

බ්‍රිතාන්‍යයෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවන් මර්ධනය කිරීමට එරට පොලීසිය අසමත්වීම හේතුවෙන් ඇමෙරිකානු පොලිස් විශේෂඥයකුගේ සහය ලබා ගැනීමට බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පසුගියදා තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් එරට පොලිස් ප්‍රධානීන්ගේ විරෝධතාවය එල්ලවී ඇත.

එම විශේෂඥයා වන්නේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් සහ ලොස් ඇන්ජලීස් නගරවල හිටපු පොලිස්පතිවරයකු වන බිල් බ්‍රැටොන් ය.  වීදි විරෝධතා, වාර්ගීක ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා මර්දනය කිරීම සම්බන්ධයෙන් විශේෂ පළපුරුද්දක් සතු මොහු ඇමෙරිකාවේ කීර්තිමත් පොලිස් නිලධාරියෙකි.

නමුත් බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරීන් පවසන්නේ ඇමෙරිකාවේ තරම් ත්‍රස්ත කණ්ඩායම් තම රටෙහි නොමැති බවත් ඇමෙරිකාවේ සහය ලබාගැනීමට තරම් බ්‍රිතාන්‍ය පොලීසිය අසරණවී නොමැති බවත්ය.

RSL

Related Posts