බලගතු රටවල් එක්ක සටන් කිරීම අපහසුයි – අලි සබ්රි

Spread the love

බලවත් රාජ්‍යයන් සිදුකරන බලපෑම හමුවේ ජිනීවා යෝජනාව ජයගත නොහැකි බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.

මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡා ප්‍රගතිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ, ජිනීවා නුවර සිට මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

එංගලන්තය, කැනඩාව, අමෙරිකා එක්සත් ජනපදය සහ ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එකතුවී අලුත් යෝජනා සම්මුතියක් ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඊයේ දිනය වන විට බටහිර රටවල් 30 දෙනෙකුගෙන් යුක්තව යෝජනා සම්මුතියක් ඉදිරිපත් කර ඇති බවත් යථාර්තවාදී ලෙස එම බලගතු රටවල් එක්ක සටන් කිරීම අපහසු බවයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි වැඩිදුරටත් සඳහන් කළා.

Related Posts