වෛද්‍ය උපාධිය ලබා ගැනීමට පිටරට අධ්‍යාපනය ලබාගත නොහැකි අය වෙනුවෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමේ වරදක් නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.
නිදහස් අධ්‍යාපනය කිසිසේත් අහිමි නොකරන බව පැවසූ ජනාධිපතිතුමා ප්‍රමිතියක් සහිතව වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළ යුතු බවද කීය.
මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට වෛද්‍යවරුන් විරුද්ධ නේදැයි මාධ්‍ය ප්‍රධානීන් ප්‍රශ්න කළ විට පිළිතුරු දුන් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන ඔවුන් කියන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ප්‍රමිතියකින් යුක්ත විය යුතු බව යයි කීය.
වෛද්‍යවරුන්ගේ අනෙක් ඉල්ලීම රෝහලකි. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධ රෝහලක් දැන් ඉදිකරගෙන යනවා යැයිද ඇමැතිවරයා කීය.
Loading...