පාසල් ආරම්භ කිරීම කල් යයි

Spread the love

පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.   යළිත් පාසල් ආරම්භය 11 , 12 ,13 වසර සඳහා පමණක් ජුලි මස 27 වනදා සිදුකරන බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි. 

කෙසේවෙතත් රාජාංගනය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාශයන්හි කිසිදු පාසලක් අගෝස්තු මස 10 වන දිනට පෙර විවෘත නොවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙයි.

පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඔහුගේ නිර්දේශ ඊයේ (17) දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදී තිබේ. 

මැතිවරණයෙන් පසුව එළඹෙන පළමු සඳුදා දිනය වන අගෝස්තු මස 10 වන දා පාසල්වල අනෙකුත් ශ්‍රේණි විවෘත කිරීම සඳහා සුදුසු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිර්දේශ කර ඇති බව ද සඳහන් වේ. 

උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන නව දින ප්‍රකාශයට පත් කිරීම එළඹෙන සඳුදා (20) සිදුකරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

RSL

Related Posts