ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් නිපදවන හා විකුණන අය අල්ලන්න වැටලීම්

Spread the love

තහනම් කරන ලද පොලිතීන් සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය නිෂ්පාදනය කරන, වෙළඳාම් කරන හා භාවිතා කරන ආයතන වැටලීම ආරම්භ කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එම අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් වීරසුන්දර මහතා පවසන්නේ හඳුනාගත් එවැනි ආයතන 10ක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගනිමින් සිටින බවයි.

ජෛව හායනයට ලක්වන පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන නිපදවන පෞද්ගලික ආයතන ලියාපදිංචි කිරීමේ කටයුතු ද සිදුකරමින් පවතින බව අජිත් වීරසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේය

RSL

Related Posts