ප්‍රාදේශීය සභා 22ක් නගර සභා සමඟ ඒකාබද්ධ කිරීමට පියවර

Spread the love

තෝරාගත් ප්‍රාදේශීය සභා කිහිපයක් ඒ ආසන්නයේ පිහිටි නගර සභාවට හෝ මහ නගර සභාවට ඒකාබද්ධ කිරීමටයෝජනා කරන බව ජනාධිපතිවරයා පවසනවා.

ප්‍රාදේශීය සභා 22ක් ඒ සඳහා තෝරාගෙන ඇති බවත් ආදායම් මාර්ග බහුල පළාත් පාලන ආයතන මෙන්ම ප්‍රමාණවත් ආදායම් මාර්ග නොමැති පළාත් පාලන ආයතන පවතින බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව කාර්යක්ෂම මහජන සේවයක් සැලසීම සහ පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා ආරම්භයක් වශයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts