
මෙවර T20 ලෝක කුසලානයේ පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම යළි සමත්ව තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 2 ක් හා දල ලකුණු ලබා ගැනීමේ වේගය 0.0450 ක් ලෙසයි සටහන් වන්නේ.
පළමු කාණ්ඩයේ පෙරමුණ නවසීලන්තය හිමි කර ගෙන සිටින අතර ඔවුන්ට ප්‍රසාද ලකුණු 3 ක් හා දල ලකුණු ලබා ගැනීමේ වේගය +4.450 ක් ලෙසයි වාර්තා වන්නේ.
එංගලන්තය ප්‍රසාද ලකුණු 2 ක් හා දල ලකුණු ලබා ගැනීමේ වේගය 0.0239 ක රඳවා ගනිමින් තෙවන ස්ථානයේ රැඳී සිටින අතර අයර්ලන්ත කණ්ඩායම, ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පිළිවලින් 4,5,6 යන ස්ථානවල පසුවනවා.