පළාත් පාලන ආයතන 93 ඡන්දයට සූදානම්

Spread the love

ගැසට්‌ නිවේදනය අද නාමයෝජනා කැඳවීම 11 දා සිට

අභියාචනාධිකරණයේ වාරණයට අදාළ නොවන කිසිදු ගැටලුවක්‌ නොමැති පළාත් පාලන ආයතන 93 ක ඡන්ද විමසීම සිදුකිරීමට පෙරේදා (25 දා) රැස්‌ වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරනු ලැබීය.

ඒ අනුව අද (27 දා) එම ආයතනයට අදාළ නාමයෝජනා පත්‍ර කැඳවීමේ දින ඇතුළත් ගැසට්‌ නිවේදනය නිකුත් කිරීමටද එහිදී තීරණය කර ඇත.

අද සිට ඉදිරියට දින 13 ක්‌ ගතවීමෙන් පසුව එළඹෙන 14 වැනි දිනයේදී නාමයෝජනා පත්‍ර භාරගැනීම ආරම්භ කිරීමටත්, 17 වැනි දිනයේදී නාමයෝජනා පත්‍ර භාරගැනීම අවසන් කිරීමටත් මැතිවරණ පනතට අනුව සිදුකරනු ඇත. එකී දින වකවානු අනුව ලබන මස 11 වැනිදා නාමයෝජනා භාරගැනීමටත් 14 වැනිදා මධ්‍යහ්න 12.00 ට නාමයෝජනා භාරගැනීම අවසන් කිරීමටත් බොහෝදුරට ඉඩ ඇත.

අභියාචනාධිකරණයේ වාරණයට අනුව පළාත් පාලන ආයතන 03 ක ඡන්ද විමසීමට බලපෑම් එල්ල වී ඇති අතර ආයතන 40 කට ගැසට්‌ නිවේදනයේ දොaෂ හේතුවෙන් ඡන්ද විමසීමට බාධා එල්ල වී ඇත.

පළාත් පාලන අමාත්‍යාංශය අදාළ දොaෂ නිවැරදි කර අද යළි ගැසට්‌ නිවේදනය ප්‍රකාශයට පත්කරන බවට පොරොන්දු වී ඇති නිසා එම ආයතන 40 සඳහා ද නාමයෝජනා කැඳවීම හෙටින් (28 දා) පසුව හැකිවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

නාම යෝජනා කැඳවීමට නියමිත පළාත් පාලන ආයතන 93 මෙසේය.

කොළඹ දිස්‌ත්‍රික්‌කය

දෙහිවල ගල්කිස්‌ස මහා නගර සභාව, මහරගම නගර සභාව, බොරලැගස්‌ගමුව නගර සභාව

ගම්පහ දිස්‌ත්‍රික්‌කය

ජාඇල නගර සභාව, මිනුවන්ගොඩ නගර සභාව, වත්තල – මාබෝලේ නගර සභාව, පෑලියගොඩ නගර සභාව, බියගම ප්‍රාදේශීය සභාව, වත්තල ප්‍රාදේශීය සභාව.

කළුතර දිස්‌ත්‍රික්‌කය

පානදුර නගර සභාව, හොරණ නගර සභාව, බේරුවල නගර සභාව, බණ්‌ඩාරගම ප්‍රාදේශීය සභාව, අගලවත්ත ප්‍රාදේශීය සභාව.

මහනුවර දිස්‌ත්‍රික්‌කය

නාවලපිටිය නගර සභාව, පස්‌බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාව,

මාතලේ දිස්‌ත්‍රික්‌කය,

මාතලේ මහා නගර සභාව.

නුවරඑළිය දිස්‌ත්‍රික්‌කය

නුවරඑළිය මහා නගර සභාව, හැටන් – දික්‌ඔය නගර සභාව.

ගාල්ල දිස්‌ත්‍රික්‌කය

අක්‌මීමන ප්‍රාදේශීය සභාව, හික්‌කඩුව නගර සභාව, අම්බලන්ගොඩ නගර සභාව, නෙලුව ප්‍රාදේශීය සභාව, බළපිටිය ප්‍රාදේශීය සභාව.

මාතර දිස්‌ත්‍රික්‌කය

වැලිගම නගර සභාව, මාලිම්බඩ ප්‍රාදේශීය සභාව, හක්‌මණ ප්‍රාදේශීය සභාව, පස්‌ගොඩ ප්‍රාදේශීය සභාව.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය

අගුණුකොලපැලැස්‌ස ප්‍රාදේශීය සභාව, වීරකැටිය ප්‍රාදේශීය සභාව, හම්බන්තොට ප්‍රාදේශීය සභාව, සූරියවැව ප්‍රාදේශීය සභාව.

යාපනය දිස්‌ත්‍රික්‌කය

චාවකච්ෙච්රි නගර සභාව

මඩකළපුව දිස්‌ත්‍රික්‌කය

එරාවුර් නගර සභාව, එරාවුර් පත්තුව ප්‍රාදේශීය සභාව, කෝරලෙයි පත්තු ප්‍රාදේශීය සභාව, මන්මුනෙයිපත්තු ප්‍රාදේශීය සභාව.

ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කය

වේරුගල් ප්‍රාදේශීය සභාව, සේරුවිල ප්‍රාදේශීය සභාව, ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාව, පදවි ශ්‍රී පුරා ප්‍රාදේශීය සභාව, තඹලගමුව ප්‍රාදේශීය සභාව, ත්‍රිකුණාමලය නගර සහ කඩවත් සතර, කින්නියා ප්‍රාදේශීය සභාව.

අම්පාර දිස්‌ත්‍රික්‌කය

නාමල්ඔය ප්‍රාදේශීය සභාව, දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රාදේශීය සභාව, පදියතලාව ප්‍රාදේශීය සභාව, අක්‌කරයෙයිපත්තුව මහා නගර සභාව, අඩ්ඩාලෙච්නෙයි ප්‍රාදේශීය සභාව, ලාහුගල ප්‍රාදේශීය සභාව, අලයාඩිවෙම්බු ප්‍රාදේශීය සභාව, සමන්තුරේ ප්‍රාදේශීය සභාව, නවින්දන්වේලි ප්‍රාදේශීය සභාව, අක්‌කරෙයිපත්තුව ප්‍රාදේශීය සභාව, ඉරක්‌කාමම් ප්‍රාදේශීය සභාව, කාරතිව් ප්‍රාදේශීය සභාව.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය

කොබෙයිගනේ ප්‍රාදේශීය සභාව.

පුත්තලම දිස්‌ත්‍රික්‌කය

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව

අනුරාධපුරය දිස්‌ත්‍රික්‌කය

ගල්නෑව ප්‍රාදේශීය සභාව

පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කය

හිඟුරක්‌ගොඩ ප්‍රාදේශීය සභාව, මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව, ලංකාපුර ප්‍රාදේශීය සභාව, දිඹුලාගල ප්‍රාදේශීය සභාව.

බදුල්ල දිස්‌ත්‍රික්‌කය

බදුල්ල මහා නගර සභාව, බදුල්ල ප්‍රාදේශීය සභාව, බණ්‌ඩාරවෙල ප්‍රාදේශීය සභාව, බණ්‌ඩාරවෙල නගර සභාව, ඇල්ල ප්‍රාදේශීය සභාව, හපුතලේ නගර සභාව, හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව, මයියංගනය ප්‍රාදේශීය සභාව, ලුණුගල ප්‍රාදේශීය සභාව, මීගහකිවුල ප්‍රාදේශීය සභාව, කන්දකැටිය ප්‍රාදේශීය සභාව.

මොණරාගල දිස්‌ත්‍රික්‌කය

මොණරාගල ප්‍රාදේශීය සභාව, සියඹලාණ්‌ඩුව ප්‍රාදේශීය සභාව, බිබිල ප්‍රාදේශීය සභාව, කතරගම ප්‍රාදේශීය සභාව.

රත්නපුර දිස්‌ත්‍රික්‌කය

අයගම ප්‍රාදේශීය සභාව, කලවාන ප්‍රාදේශීය සභාව, වැලිගෙපොල ප්‍රාදේශීය සභාව, නිවිතිගල ප්‍රාදේශීය සභාව, බලංගොඩ නගර සභාව, ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව, රත්නපුර මහා නගර සභාව, රත්නපුර ප්‍රාදේශීය සභාව.

කෑගල්ල දිස්‌ත්‍රික්‌කය

ගලිගමුව ප්‍රාදේශීය සභාව, යටියන්තොට ප්‍රාදේශීය සභාව, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව, අරණායක ප්‍රාදේශීය සභාව, වරකාපොල ප්‍රාදේශීය සභාව, කෑගල්ල ප්‍රාදේශීය සභාව, දැරණියගල ප්‍රාදේශීය සභාව.

-දිවයින-

RSL

Related Posts