පශ්චාත් කොවිඩ් යුගයේ රට මෙහෙයවීමට ශක්තිමත් විධායකයක් අවශ්‍යයි – මිලින්ද මොරගොඩ

Spread the love

විධායක ජනාධිපති ක‍්‍රමය හදුන්වා දී වසර හතලිස් දෙකක් ගත වී ඇති අතර එය අහෝසි කරන බවට ගෙන යන විවාදය අසමත් වී ඇත. 2015 වසරේ දී ලැබුණ අවස්ථාවේ දී පවා අහෝසි කරන පියවර ගත්තේ නැත. උදා වී ඇති කාලපරිච්ෙඡ්දය නිදහසට පසු රටට මුහුණ දෙන්නට සිදුවී ඇති බරපතලම අභියෝග සහිත වකවානුවකි. විධායක බලයකින් හැර, මෙම මොහොතේ දී රටට ගැලවීමක් නැති බව ද මෙහි සදහන්ය.

පශ්චාත් කොවිඞ් යුගයේ දී එල්ලවිය හැකි සමාජ, ආර්ථික හා ජාත්‍යන්තර අභියෝග වලට ඉක්මන් විසදුම් අවශ්‍යවනු ඇති අතර ඉක්මනින් ඵලදායී තද තීරණ ගැනීමට ශක්තිමත් විධායකයක් රටට අවශ්‍ය බව පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කොවිඞ්-19 වසංගතය පැතිරුණ වකවානුවේ ඉක්මනින් තීරණ ගෙන පාලනය කළ හැකි වූ හා සමානව ක‍්‍රියා කිරීම අවශ්‍ය අතර ප‍්‍රධාන දේශපාලන පක්ෂ ඉදිරියේ දී අනුගමනය කරන ව්‍යුහය හෝ ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වල පැහැදිලි ස්ථාවරයක් ඉදිරිපත් කර නැති බව ද කියා සිටී. මනාප ක‍්‍රමය අහෝසි කර ආසන මටට්ම නැවත ඇති කළ යුතු අතර පලාත් සභා පලක් නැති බව ද මෙහි දැක්වෙයි.

දහ නම වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව, විධායකය හා ව්‍යවස්ථාදායකය අතර බලය සම්බන්ධයෙන් පවතින දුර්වලතා හේතුවෙන් ක‍්‍රියාකාරීත්වය අඩාල විය හැකිය. සමහර අංශ අක‍්‍රිය විය හැකි බව ද මොරගොඩ මහතා පෙන්වා දෙයි. පාර්ලිමේන්තුවට වගකියන ශක්තිමත් විධායක ජනාධිපති ධුරයක් ඇති කරන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කල්පනා කළ යුතුය. කන්කසන්තුරයේ සිට දෙවිනුවර දක්වා පුරවැසියන් ගේ ඡුන්දයෙන් බලයට පත් වන සහ සමස්ථ ජනතාවට වගකියන එකම පුද්ගලයා බවට පත්වන බව ද හෙතෙම අවධාරණය කරයි.

ව්‍යවස්ථා සංශෝධනයේ දී බලතුලනය ගැන අවධානය යොමු කළ යුතු අතර, පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් තෝරා ගැනීමේ දී වැඩි කොටසක් කෙලින්ම ජනතාව පත්කරන ආසන මටට්මට යා යුතුය. අවශ්‍යනම් සුළු කොටසක් සමානුපාතික ක‍්‍රමයකට විය හැකිය. කෙසේ වෙතත් මනාප ක‍්‍රමය සහමුලින්ම අහෝසි කළ යුතු බව ද මිලින්ද මොරගොඩ මහතා කියා සිටී. පලාත් සභා ක‍්‍රමය අවශ්‍ය නැති අතර ජනතාවගේ එදිනෙදා ගැටළු විසදන පලාත් පාලන ආයතන ව්‍යුහය ශක්තිමක් කළ හැකිය. සුළු ජන කොටස් හා ප‍්‍රාදේශීය නියෝජනය සලකා සෙනෙට් මණ්ඩලයක් පත් කළ හැකි බව ද මෙම නිවේදනයෙහි දැක්වෙයි.

විධායක ජනාධිපති ක‍්‍රමය හදුන්වා දී වසර හතලිස් දෙකක් ගත වී ඇති අතර එය අහෝසි කරන බවට ගෙන යන විවාදය අසමත් වී ඇත. 2015 වසරේ දී ලැබුණ අවස්ථාවේ දී පවා අහෝසි කරන පියවර ගත්තේ නැත. උදා වී ඇති කාලපරිච්ෙඡ්දය නිදහසට පසු රටට මුහුණ දෙන්නට සිදුවී ඇති බරපතලම අභියෝග සහිත වකවානුවකි. විධායක බලයකින් හැර, මෙම මොහොතේ දී රටට ගැලවීමක් නැති බව ද මෙහි සදහන්ය.

බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලැබූ ඇමරිකාව ශක්තිමත් විධායකයෙකු සහිත ජනාධිපති ධුරයක් ඇති කළේය. එය නිර්මාණය කිරීමේ දී තිබුණ විවාදයේ දී,  දුර්වල විධායක ධුරයකින් දුර්වල ආණ්ඩු හැදෙන සහ දුර්වල ආණ්ඩුවකින් රාජ්‍ය පාලනය අසාර්ථක වන අතර දුක්වි`දින්නේ ජනතාව බව අවධාරණය වූ බව මතක් කර දෙන මිලින්ද මොරගොඩ මහතා අද අපට අවශ්‍ය ජනතාවගේ උවමනා එපාකම් සාක්ෂාත් කළ හැකි ශක්තිමත් ආණ්ඩුවක් බව ද අවධාරණය කරයි.  

RSL

Related Posts