සිකුරාදා නවදිල්ලියේ පැවති ඉන්දු-පැසිෆික් කලාපීය සංවාදයේ ප්‍රධාන දේශනය පවත්වමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සිකුරාදා ප්‍රකාශ කළේ නිදහස්, විවෘත සහ නීති මත පදනම් වූ ඉන්දු-පැසිෆික් කලාපයක් ලෝකයේ ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් වූ බවයි.

‍‍ප්‍රධාන දේශනය පවත්වමින් සිං ඉන්දියාවේ බහු-පෙළගැසුනු ප්‍රතිපත්තිය ඉස්මතු කළේය. සැමට ප්‍රයෝජනවත් වන ගෝලීය පිළිවෙලක් නිර්මාණය කිරීම සඳහා ආරක්ෂාව සැබවින්ම සාමූහික ව්‍යවසායයක් ලෙස සලකා බලන ලෙස ඔහු ජාත්‍යන්තර ප්‍රජාවට උපදෙස් දුන්නේය.

ජාතික ආරක්ෂාව ශුන්‍ය එකතුවක් ලෙස නොසැලකිය යුතුයි. සියලු දෙනාටම ජයග්‍රාහී වාතාවරණයක් ඇති කිරීමට අප උත්සාහ කළ යුතුයි, ඔහු අවධාරණය කළේය.

ආරක්ෂක අමාත්‍යවරයාට අනුව, ඉන්දියාව මෙහෙයවිය යුත්තේ තිරසාර සහ කම්පන වලට ඔරොත්තු දෙන ප්‍රබුද්ධ ආත්මාර්ථකාමීත්වයෙනි.

කලාපයේ පමණක් නොව පුළුල් ගෝලීය ප්‍රජාවගේ ආර්ථික සංවර්ධනයට ද වැදගත් වන බැවින් ඉන්දියාව නිදහස්, විවෘත සහ නීති රීති පදනම් කරගත් ඉන්දු පැසිෆික් කලාපයක් වෙනුවෙන් පෙනී සිටින බව ඔහු පෙන්වා දුන්නේය.

සිය දේශනය අතරතුර සිං පැහැදිලි කළේ ගෝලීය ප්‍රජාව බහුවිධ වේදිකා සහ නියෝජිතායතන හරහා ක්‍රියා කර ඇති බවයි.එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඒවා අතර ප්‍රමුඛ වන බව ඔහුගේ නිරීක්ෂණ අතර විය.

ඉන්දීය ආරක්‍ෂක අමාත්‍ය සිං ද පෙන්වා දුන්නේ ස්වල්ප දෙනෙක් අන්‍යයන්ට වඩා උසස් යැයි සැලකෙන ලෝක පර්යායක් ගැන ඉන්දියාව විශ්වාස නොකරන බවයි. උපායමාර්ගික ප්‍රතිපත්ති හැසිරීම සදාචාරාත්මක” විය යුතු බව ඔහු අවධාරණය කළේය.

බහු පාර්ශ්වකරුවන් සමඟ විවිධ ක්‍රියාකාරකම් තුළින් සාක්ෂාත් කර ගත් බහු-පෙළගැසුනු ප්‍රතිපත්තියක් පිළිබඳ ඉන්දියාවේ විශ්වාසය ඔහු යළිත් අවධාරණය කළේය.

ආරවුල් සහ එකඟ නොවීම් විසඳීමට සහ කලාපීය හෝ ගෝලීය පිළිවෙලක් ඇති කිරීමට ඇති එකම ශිෂ්ට යාන්ත්‍රණය සංවාදය බව ද සිං අවධාරණය කළේය. “යුද්ධයේ යුගය අවසන්” බවට පසුගියදා බාලි හි පැවති G-20 සමුළුව අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අධිෂ්ඨානශීලී පණිවිඩය ඔහු උපුටා දැක්වීය.

ඉන්දු පැසිෆික් කලාපීය සංවාදය යනු ඉන්දු-පැසිෆික් කලාපයට අදාළ සමුද්‍ර ගැටලු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට සහ සාකච්ඡා ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන ඉන්දීය නාවික හමුදාවේ වාර්ෂික ඉහළ මට්ටමේ ජාත්‍යන්තර ප්‍රවේශයකි.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දුන්නේ ඉන්දියාව සඳහා, ඉන්දු-පැසිෆික් කලාපය අප්‍රිකාවේ නැගෙනහිර වෙරළේ සිට ඇමරිකාවේ බටහිර වෙරළ දක්වා විශාල, ප්‍රධාන වශයෙන් සමුද්‍රීය වපසරියක් පුරා විහිදෙන බවයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්