බ්‍රහස්පතින්දා ටෝකියෝ හි පැවති ඉන්දු-ජපාන 2+2 අමාත්‍ය සංවාදය අමතමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් ඉල්ලා සිටියේ කොවිඩ්-19 වසංගතය සහ දැනට පවතින ගැටුම් වැනි නව අභියෝගවලට මුහුණ දීම සඳහා ඉන්දියාවට සහ ජපානයට සාමූහික ප්‍රයත්නයක් අවශ්‍ය බවයි. මෙම ප්‍රයත්නයන් සඳහා සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

සිය ආරම්භක අදහස් දැක්වීමේ දී ඔහු පැවසූයේ බලශක්ති සුරක්ෂිතතාව සහ ආහාර සුරක්ෂිතතාවය විශේෂයෙන් දැවෙන ප්‍රශ්නයක් ලෙස මතු වී ඇති බවයි. එමෙන්ම කොවිඩ් වසංගතය සහ ගෝලීය අභියෝගවලට ආමන්ත්‍රණය කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

ඉන්දියාව මානුෂීය ආධාර, ඖෂධ, එන්නත්, ආහාර ධාන්‍ය සහ තවත් බොහෝ ආධාර ජාත්‍යන්තර ප්‍රජාවේ වගකිවයුතු සාමාජිකයෙකු ලෙස ලෝක ප්‍රජාවට ලබා දීමට වෙහෙස නොබලා කටයුතු කර ඇති බව ඔහු පැවසීය.

රාජ්‍ය තාන්ත්‍රික මාර්ගයෙන් අභියෝගවලට පොදු විසඳුම් සෙවීමට සාමූහිකව කටයුතු කිරීම වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ නීතියේ ආධිපත්‍යයට ගරු කිරීමේ හවුල් වටිනාකම් තුළ ඉන්දියා-ජපාන හවුල්කාරිත්වය අතිමහත් වැදගත්කමක් ඇති හවුල්කාරිත්වයක් යැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් පැහැදිලි කළේය.

සාකච්ඡාවලින් පසු මාධ්‍ය ප්‍රකාශයේ ඔහු මෙම අභියෝග ගැන ද සඳහන් කළේ 2 වන ඉන්දියා-ජපාන 2+2 අමාත්‍ය මණ්ඩල රැස්වීම “සංකීර්ණ ගෝලීය පරිසරයක පසුබිමක” සිදුවන බව පෙන්වා දෙමිනි.

බලශක්ති සහ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ගැඹුරු කනස්සල්ලක් ඇති කර ඇති බව ඔහු පැවසීය. විශ්වාසය සහ විනිවිදභාවය ඩිජිටල්කරණය වූ ලෝකයක දෙරටේ හවුල්කාරීත්වය වැදගත් වේ යැයි ඔහු සඳහන් කළේය.

ඔහු යළිත් අවධාරණය කළේ විදේශ ප්‍රතිපත්ති සහ ආරක්‍ෂක ප්‍රශ්න සම්බන්ධයෙන් ඉන්දියාව සහ ජපානය වඩාත් සමීපව සහයෝගයෙන් කටයුතු කිරීම තවත් ශක්තිමත් වී ඇති බවයි.

නිදහස්, විවෘත සහ සමෘද්ධිමත් ඉන්දු පැසිෆික් කලාපයක් සහතික කිරීම සඳහා ඉන්දියාවට සහ ජපානයට “විශේෂිත වගකීමක්” ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

සයිබර් ආරක්ෂාව, 5G යෙදවීම සහ තීරණාත්මක සහ උපායමාර්ගික ඛනිජ පිළිබඳවද දෙරට සහයෝගයෙන් කටයුතු කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් වැඩිදුරටත් පැවසීය.

ඉන්දියා-ජපාන විශේෂ උපායමාර්ගික සහ ගෝලීය හවුල්කාරිත්වය සමීප කලාපයෙන් ඔබ්බට විහිදෙන අවශ්‍යතා පිළිබිඹු කරයි යැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් පැවසීය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්