![](https://s.readsrilanka.com/wp-content/uploads/2022/10/278622-790x474.jpg)
මෙවර පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබෙනවා.
ඒ අනුව වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හා මැදපෙල පිතිකරු ධනිෂ්ක ගුණතිලක ආබාධවලට ලක්වීම හේතුවෙන් ඔවුන් සංචිතයෙන් ඉවත් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඔවුන් වෙනුවට කසුන් රාජිත හා අශේන් බණ්ඩාර සංචිතයට නම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
කසුන් රාජිත මේ වන විට ශ්‍රී ලංකාවේ රැදී සිටින අතර, ඔහු කඩිනමින් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිත අතර අශේන් බණ්ඩාර ශ්‍රී ලංකා සංචිතය සමග ඔස්ට්‍රේලියාවේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙස රැඳී සිටිනවා.