දෙවන එක්දින තරඟයේ ජයත් ඕස්ට්‍රේලියාවට

Spread the love

ශ්‍රී ලංකාව සමග අද දින (14 අගෝඅ.) පැවති දෙවන එක්දින ජාත්‍යන්තර තරඟයේ ජයත් ඔස්ට්‍රේලියාව හිමිකර ගත්තේය.

හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවති තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ශ්‍රී ලංකාවට පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේදි සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 208ක් පමණි.

සිය පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 38 යි පන්දු 2 ක් අවසානයේදි කඩුලු 2 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරිමට සමත් විය. මෙහිදී රිකී පොන්ටින් නොදැවී ලකුණු 90 ක් සහ මයිකල් ක්ලාර්ක් නොදැවී ලකුණු 58 ක් ලබා ගත්තේය.

ඒ අනුව තරග 5 කින් සමන්විත තරඟාවලියේ, තරඟ 2 – 0ක් ලෙස ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටී.

දෙරට අතර තෙවන තරගය ලබන 16වැනිදා හම්බන්තොටදී පැවැත්වීමට නියමිතය.

RSL

Related Posts