දිස්ත‍්‍රික්ක 16කින් ආසාදිතයින් හමුවේ

Spread the love

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඇසුරින් කොවිච්-19 ආසනයට ලක් වූ රෝගීන් මේ වන විට දිස්ත‍්‍රික්ක 16කින් වාර්තා වී ඇති බවත් මේ ආසාදිතයින් ඇසුරු කළ 3000කට ආසන්න පිරිසක් මේ වන විට නිරෝධායනයට ලක්කර ඇති බවත් ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියයි.

ඔහු සඳහන් කළේ නිරෝධායන මධ්‍යස්ථානවලට අමතරව නිවාසවල ද ස්වයං නිරෝධායනයට ලක්වන පිරිසක් සිටින බවයි.

මේ අනුව කොළඹ, ගම්පහ, කලූතර, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, පොළොන්නරුව, රත්නපුරය, කෑගල්ල, මහනුවර, මාතලේ, කුරුණෑගල, පුත්තලම, මොනරාගල සහ යාපනයෙන් ආසාදිතයින් වාර්තා වූ බවයි ගමගේ මහතා කියා සිටියේ.

මේ තත්තවය තුළ සෞඛ්‍ය උපදෙස් පිළිපැඳීමට වඩාත් වැඩි අවධානයක් යොමු කළ යුතු බව කී රෝහණ ගමගේ මහතා, මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම සහ නිතර සබන් හෝ විෂබීජ නාශයක් යොදා දෑත් පිරිසිදු කිරීම කරන මෙන්් ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.

RSL

Related Posts