දිවයින පුරා පිහිටි ආහාර වෙළෙඳසැල් පරීක්ෂා කිරීම අද (28) සිට ආරම්භ කරන බව සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි.
අද දිනයේ සිට දින 3 ක් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මහජන සෞඛ්‍යයට අහිතකර අයුරින් සෞඛ්‍යය අමාත්‍යාංශයට පැමිණිලි දිනපතා ලැබෙමින් පවතින බැවින් මෙම පියවර ගත් බව සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම ආහාර අලෙවිසැල් පරීක්ෂාකිරීම මෙන්ම ශ්‍රේණිගත කිරීමද මෙම දින කිහිපයේදී සිදුවන අතර ඒ යටතේ ඒ, බී, සී හා ඩී යනුවෙන් එසේ ශ්‍රේණිගත කෙරෙනු ඇති. මේ යටතේ අද දිනයේ ප්‍රධාන මාර්ග ආශ්‍රිතව පිහිටා ඇති බේකරි හා ආපනශාලා පරීක්ෂා කිරීම සිදුවනු ඇති.
Loading...