ඉන්දියාව-එක්සත් ජනපද ඒකාබද්ධ විශේෂ බලකා අභ්‍යාසය ‘වජ්‍රා ප්‍රහාර්’ ඉරිදා අවසන් විය. මෙවර පැවතියේ මෙම අභ්‍යාසයේ 13 වන අදියර යයි.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයට අනුව මෙම අභ්‍යාසය පුරා දින 21ක් පුරාවට පැවැත්විණ. එහිදී එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව ඒකාබද්ධ සැකසුම් තුළ සාමූහික පුහුණුවක නිරත වීමට අවස්ථාව දෙරටේ විශේෂ බලකායන්ට අවස්ථාව සැලසිණ. ත්‍රස්ත විරෝධී මෙහෙයුම් අභ්‍යාස, විශේෂ මෙහෙයුම් ද මෙයට ඇතුළත් විය.

මෙම අභ්‍යාසය අදියර දෙකක් යටතේ පැවැත්විණ. මෙහි පළමු අදියර ත්‍රස්ත විරෝධී මෙහෙයුම් සඳහා උපාය මාර්ග පුහුණුව ඇතුලත් වූ අතර දෙවන අදියරේ දී ප්‍රායෝගික පැය 48ක පුහුණු කිරීම් ක්‍රියාවේ යෙදවීමට අවස්ථාව සැලසිණ.

විශේෂයෙන්ම ප්‍රමිතීන් සහ හොඳම භාවිතයන් බෙදාහදා ගැනීම පිළිබඳව ඉන්දීය සහ ඇමරිකානු හමුදා කණ්ඩායම් දෙකම අතිශයින් සතුටු වන බව අමාත්‍යාංශය පවසයි. සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන අවස්ථා වලදී මෙහෙයුම් ගණනාවක් ඒකාබද්ධව පුහුණු කිරීම, සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදු කිරීම මෙම අභ්‍යාසය තුල දක්නට ලැබිණ.

එක්සත් ජනපද විශේෂ බලකාය සමග පැවැත්වූ අභ්‍යාසය වජ්‍ර ප්‍රහාර් අභ්‍යාසය ආරක්ෂක ගැටළු වලට මුහුණ දෙන ජාතීන් දෙකටම වැදගත් වන බව එම නිවේදනය වැඩිදුරටත් දැක්වෙයි

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට මෙම ඒකාබද්ධ යුධ අභ්‍යාසය බෙහෙවින් ඉවහල් වන බවයි. තවද දෙරටේ විශේෂ බලකායන් අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය වී ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

මෙම අභ්‍යාසයේ 12 වන අදියර 2021 ඔක්තෝම්බර් මාසයේදී වොෂින්ටනයේ ලුවිස්-මැක්චෝඩ් හමුදා කදවුරේදී පැවැත්විණි.සෑම වසරකම ඉන්දියාව සහ එක්සත් ජනපදය මෙම අභ්‍යාසය සඳහා සත්කාරකත්වය ලබා දෙයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්