දරුවන් ආරක්ෂා කර ගැනීම රජයක ප්‍රමුඛ වගකීමක් – ජනපති

Spread the love

දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම රටේ නීතිය අනුව ද බරපතල වරදක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොලීසියට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

ළමා අයිතිවාසිකම් සුරැකීම සහ ළමයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ඊයේ (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

Related Posts