තේ කර්මාන්තය නැවත නඟාසිටුවීමට විධිමත් සැලැස්මක්

Spread the love

කඩාවැටීමට ලක්ව ඇති මෙරට තේ කර්මාන්තය නැවත නඟාසිටුවීමට විධිමත් සැලැස්මක් ඔස්සේ පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව අපනයන ආර්ථිකයක් කරා යන ගමනේ දී එය ඉතා වැදගත් බවයි ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 32 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් සඳහන් කළේ.

උද්ධමනය ඉහළ අගයකට පැමිණ තිබෙන බව මහ බැංකු අධිපතිවරයා දැනුම්දී ඇති බවත් ලබන වසරේ පෙබරවාරි මාර්තු වන විට පොලී අනුපාතයන්ගේ අඩුවක් දැකගත හැකි අතර ලබන වසර මැද වන විට පොලී අනුපාතයන් අඩුවිමේ සහනය ජනතාවට ලබාදීමට හැකිවනු ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related Posts