ඩොලර් වලින් වෙන්වෙලා රූබල් වලට යන්න මේ ආණ්ඩුව ලෑස්ති නෑ

Spread the love

ඉන්ධන, පොහොර හා තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා රුසියාව සමඟ ගනුදෙනු කිරීමෙන් දැනට පවතින මිලට වඩා අඩු මුදලකට ජනතාවට ලබාදිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.

නමුත් ඩොලර්වලින් වෙන්වී රූබල්වලට මාරුවීමට වත්මන් ආණ්ඩුව සූදානම් නොමැති බවත් ඩොලර්වල එල්ලී සිටීමෙන් කිසිදිනෙක සැනසීමක් නොලැබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව රූබල්වලින් ගනුදෙනු කිරීම සඳහා වහාම රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගතයුතු බවත් ඒ තීරණය ගන්නා තෙක් රුසියාව සමඟ ගනුදෙනු කිරීමට යාමට නොහැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related Posts