ජුලි මාසයේ උද්ධමනය 66% ඉක්මවයි

Spread the love

ජුලි මාසයේදී උද්ධමනය 66.7% ක් දක්වා ඉහළගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතුවෙන් මෙලෙස උද්ධමනය ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ජූලි මාසයේ දී සියයට 82.5% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය ජූලි මාසයේ දී 52.4% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Related Posts