ජාතික සෞඛ්‍ය සතිය ඔක්තොම්බර් මස 03 සිට 09 දක්‌වා

Spread the love

ඔක්තොම්බර් මස 03 සිට 09 දක්‌වා ජාතික සෞඛ්‍ය සතිය තුළ සියලු රසායනාගාර පරීක්‍ෂණ මහජනතාව වෙත සෘජුව නොමිලේ ලබාදීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
සෞඛ්‍ය සතියේ විවිධ දිනයන්ට අදාළ මහජන සේවා, පාසල් සෞඛ්‍ය අධ්‍යාපන කටයුතු, ලේ දන්දීම ආදී කටයුතු රැසක්‌ සිදු කෙරෙන අතර, ප්‍රධාන වශයෙන් ඔක්‌තෝබර් 06 සහ 07 දෙදින තුළ ඕනෑම අයකුට සෘජුවම වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත පැමිණ එහි පැවැත්වෙන විශේෂ සායන මගින් රෝග පරීක්‍ෂා කරවාගෙන අවශ්‍ය වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන ඕනෑම රසායනාගාර පරීක්‌ෂණ, නොමිලේ කර ගැනීමට පහසුකම් සපයනු ලැබේ.
මූලික රුධිර පරීක්‌ෂණ මෙන්ම කොලෙස්‌ටරෝල්, ඩෙංගු රෝගය, පරපෝෂිත රෝග, දිලීර රෝග මෙන්ම ආසාත්මිකතා වැනි තත්ත්ව සඳහා කෙරෙන දුර්ලභ පරීක්‍ෂණද නොමිලේ කර ගැනීමට ජනතාවට අවස්‌ථාව සැලසෙනු ඇත.

RSL

Related Posts