ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් නීතිවිරෝධී කේබල් නාලිකා නීතිගත කරන්න TRCය කුමන්ත්‍රණයක!

Spread the love

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ගැන පරීක්ෂණ ආරම්භ කර ඒ සම්බන්ධයෙන් තින්දුවක් නොගෙන අලුතින් කේබල් නාලිකාවක් සදහා බලපත්‍රයක් නිකුත් කිරිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාවට සිය විරෝධය පලකරමින් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය අධ්‍යක්ෂක ජනරාල්වරයාට ලිපියක් යොමුකර තිබේ.

ර්ම ලිපිය මගින් එම ව්‍යාපාරය පෙන්වා දෙන්නේ නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ලබාදිමට යන නව බලපත්‍රය හරහා රහසේම නීතිගත කිරිමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවයි.

පි.ආර්.එස්.පි ජයතිලක
අධ්‍යක්ෂක ජනරාල්
ශ‍්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාව,
276, ඇල්විටිගල මාවත,
කොළඹ 08.
2018. 07. 19

මහත්මයාණෙනි,

නීති විරෝධි කේබල් නාලිකා වලට එරෙහිව ක්‍රියාමාර්ග නොගෙන නව කේබල් රූපවාහිනී සේවාවන් සදහා බලපත්‍ර නිකුත් කිරිම ගැන විරෝධය දැක්විම.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ගැන වහාම පරීක්ෂණ අරඹනු! මැයෙන් 2018. 06. 13 දින ශ‍්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයාට අප විසින් ලිඛිත ඉල්ලිමක් භාර දෙනු ලැබීය. එම ලිපිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම්,කොමිසමේ සභාපති ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජුනි මස 22 දින ලිපියක් (PS/SP/Sec/TRCSL) අප වෙත යොමුකර තිබු අතර තැපැල් වර්ජනය හේතුවෙන් අදාළ ලිපිය අප හට ලැබුනේ ජුලි මස 14 වැනිදා ය.

අදාළ ලිපිය මගින් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පී.ආර්.එස්.පී.ජයතිලක මහතාට සභාපතිවරයා විසින් නියෝග කර තිබුනේ අප විසින් යොමුකල පැමිණිල්ල සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදුකර ඊළඟ කොමිෂන් සභා රැස්විමට වාර්තාකරන ලෙසයි.

තත්ත්වය එසේ පවතිද්දි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් ගැන පරීක්ෂණ ආරම්භ කර ඒ සම්බන්ධයෙන් තින්දුවක් නොගෙන මාධ්‍ය ආයතනයක් වන Trymas Media Network (Pvt) Ltd සදහා කොමිෂන් සභාව විසින් කේබල් නාලිකාවක් පවත්වාගෙන යැමට අවශ්‍ය බලපත්‍රයක් නිකුත් කිරිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් අපගේ බලවත් විරෝධය මේ හරහා ප්‍රකාශ කරමු.

පසුගිය කාලය පුරාම උතුරු නැගෙනහිර ඇතුලූව රට පුරා ඉතා සංවිධානාත්මකව හා තීව‍්‍ර ලෙස ක‍්‍රියාත්මක වන ලියාපදිංචි නොකල නීතිවිරෝධී කේබල් රූපවාහිනී සේවාවන් හරහා ජාතික ආරක්ෂාවට මෙන්ම රටේ ආර්ථිකයට කල මහත් බලපෑම සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණයක් කර ඊට සම්බන්ධ පාර්ශවයන් හට නීතිය ක්‍රියාත්මක කරන තෙක් අලුත් කේබල් නාලිකාවකට අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරිම සමාජ සාධාරණතමක මුලධර්ම උල්ලංඝනයක් බව තරයේ අවධාරණය කරමු.

කේබල් නාලිකාවක් පවත්වාගෙන යැමට අවශ්‍ය බලපත්‍රයක් ඉල්ලා ඇති අදාළ ආයතනය හරහා උතුරේ ක්‍රියාත්මක වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් නීතියට මුවාවී ජාතික අරක්ෂාවට බලපෑම් කිරිමට අවශ්‍ය අවකාශ සපුරා ගැනිමට කුමන්ත්‍රණය කරනු ඇති බව අපගේ විශ්වාසයයි.

ඒ හේතුවෙන් Trymas Media Network (Pvt) Ltd සඳහා කේබල් රූපවාහිනී බලපත්‍ර නිකුත් කිරිමට වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය දැඩි ලෙස විරුද්ධත්වය පලකරන අතර වහාම නව බලපත්‍ර නිකුත් කිරිමට පෙර ජාතික ආරක්ෂාව අනතුරේ දමමින්, රටේ බදු මුදල් ගෙවිම පැහැර හරිමින් ක්‍රියාත්මක වන නීති විරෝධි කේබල් රූපවාහිනී සේවාවන් වහාම නතර කරන ලෙසත්,ඔවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අප ඉල්ලා සිටිමු.

ස්තූතියි!
මෙයට,

චතුරංග ද අල්විස්
සභාපති
වෙබ් මාධ්‍යවේදීන් ජාතික ව්‍යාපාරය
ඇමුණුම් -01 වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ශ‍්‍රී ලංකා විදුලි සංදේශන හා නියාමන කොමිෂන් සභාවට භාරදුන් පැමිණිල්ල.
හිටපු ජනාධිපති ලේකම්,කොමිසමේ සභාපති ඔස්ටින් ප්‍රනාන්දු මහතා නිසී පරික්ෂණයක් කරන ලෙස ඉල්ලමින් කොමිෂන් සභාවට යැවු ලිපිය.

Trymas Media Network (Pvt) Ltd සඳහා කේබල් රූපවාහිනී බලපත්‍ර නිකුත් කිරිමට අදාළ ප්‍රසිද්ධ දැන්විම (PUBLIC NOTICE)

Telecommunications Regulatory Commission of Sri Lanka

PUBLIC NOTICE

Issuance of a  License for  Trymas Media Network(Pvt) Ltd

The Telecommunications Regulatory Commission of Sri Lanka (“the Commission”) was set up as the independent regulator under the Telecommunications (Amendment) Act No. 27 of 1996, and is responsible for regulating telecommunications sector in Sri Lanka including managing the radio frequency spectrum.

Trymas Media Network (Pvt) Ltd (hereinafter Trymas Media Network) has applied for a under Section 17 (2)  of the Sri Lanka Telecommunications Act, No. 25 of 1991 (“the Act”) as amended to operate a telecommunications system to provide Cable Television and Data Communication Service  in Sri Lanka.

The Commission is satisfied that Trymas Media Network has fulfilled the requirements set out in the Guidelines and Procedures for issuing, renewal and modification of licences under the Act, published in Gazette No. 1435/20 dated 10.03.2006.

Therefore, the public is hereby noticed under Section 17 (3) (a) of the Act that the Commission proposes to recommend to His Excellency the President the grant of a licence to that Trymas Media Network for a period of five years.

The public is hereby further noticed that representations or objections to the grant of licence to that Trymas Media Network may be made not later than 03.08.2018. The representations and objections should be in writing and addressed to Director General, Telecommunications Regulatory Commission of Sri Lanka.

A draft of the proposed licence is available to the public on the Commission’s official web site, www.trc.gov.lk.

By Order of the Commission.

 

P.R.S.P. Jayathilake

Director General.

Telecommunications Regulatory Commission of Sri Lanka,

No 276, Elvitigala Mawatha,

Colombo 08.

Tel: 0112689345   Fax: 0112689341

E-mail: dgtsl@trc.gov.lk

RSL

Related Posts