
රටේ පවත්නා හදිසි තත්ත්වය හමුවේ විවිධ වෙබ් පිටු හා සමාජ මාධ්‍ය ඔස්සේ සිය ප්‍රකාශ ලෙස සකස් කළ අසත්‍ය පණිවිඩ හුවමාරු වන බව නිරීක්ෂණය වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය නිල වෙබ් පිටුවේ සටහනක් තබමින් සදහන් කර ඇත.
එම සම්පූර්ණ සටහන පහත සදහන් වේ,
“මේ දිනවල රටේ පවත්නා හදිසි තත්ත්වය හමුවේ විවිධ වෙබ් පිටු හා සමාජ මාධ්‍ය ඔස්සේ මාගේ ප්‍රකාශ ලෙස සකස් කළ පණිවිඩ හුවමාරු වන බව නිරීක්ෂණය විය. මෙම නිසා විවිධ සාවද්‍ය ප්‍රකාශ ජනගත වීමට ඉඩ ඇති හෙයින් සියලුම නිවේදන හෝ ප්‍රකාශ මාගේ නිල වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය පිටු හරහා පමණක් ප්‍රකාශයට පත්කරන බව දැනුම් දෙමි.“