ජගත් මානව හිමිකම් දින අද

Spread the love

ජගත් මානව හිමිකම් දිනය අදට යෙදී ඇත. මෙවර එහි මාතෘකාව වී ඇත්තේ සමාජය, මාධ්‍යය හා මානව හිමිකම් යන්නයි.

ඒ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මහතා පවසන්නේ විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයට අනුව මේ වන විට ලෝකය පුරාම ජනතාව සිය අයිතීන්, යුක්තීන් හා ගෞරවය ඉල්ලා සිටීමට පෙලගැසී සිටින බවයි.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වැඩිදුරටත් දක්වා ඇත්තේ මානව හිමිකම් යනු ලේඛනයට සීමාවූවක් නොවන බවයි. තවද ජනතාව මානව හිමිකම් දැනගැනීම අත්‍යවශ්‍ය බවත් 2011 වසර යනු ලෝකයට මානව හිමිකම් සම්බන්ධයෙන් ජයග්‍රහණයන් රාශියක් හිමිකරදුන් වසරක් බවත් මූන් මහතා සිය නිවේදනය මගින් දක්වා ඇත.


RSL

Related Posts