‘ගෙවතු වගාවට දෙමුහුන් බීජ එපා කියන්නේ’ නොදන්නාකම නිසාද ? මිත්‍යාව නිසාද ?

Spread the love

1900 ශත වර්ෂයේ රසායනික පොහොර විප්ලවය සිදුවිය. ඉන් වසර 100 කට පසුව 20 වැනි ශත වර්ශයේ දී හරිත විප්ලවය නැත්නම් වැඩි ඵලදායි/ දෙමුහුන් භෝග නිෂ්පාදනය සිදුවිය. මෙම විප්ලව සිදු නොවන්නට අද ලොව අධික ආහාර හිඟයකට භාජනය වීමට ඉඩ තිබුණි.

ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ

සති කිහිපයකට පෙර සති අග අරුණ පත්‍තරයක පලවු “දෙමුහුන් බීජ ගෙවතු වගාවට එපා” යන රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම මහාචාර්යවරයෙකු වන අරුණ කුමාර මහතාගේ ලිපිය කියවා අතිශය කනස්සල්ලට පත්වීමී. මාගේ මතකයට නැගුනේ ගසේ අරටුව පසක තබා එලයෙන් ලී බඩු සෑදු වඩුවාය!.

ගෙවත්ත යනු බොහෝ විට ඉතා කුඩා ඉඩමක් බැවින් එයින් උපරිම ඵලදාවක් ලබා ගැනීමට වැඩි ඵලදායි බීජ මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත කාබනික මෙන්ම රසායනික පොහොර යෙදිය යුතු නොවේද? එමෙන්ම නිර්දේශිත පළිබෝධ නාශක ද හරියාකාරව භාවිතා කිරීම උපරිම ඵලදාවක් ලබා ගැනීමට අවශ්‍යය. පර්යේෂණයන්ගෙන් පැහැදිලි වන්නේ අනවශ්‍යව අධික ප්‍රමාණයන්ගෙන් මෙන්ම අප්‍රවේසම් කෘෂි රසායනික භාවිතය වසවිස ප්‍රශ්නයට හේතුව වන වගයි. ගොවින්ට මෙන්ම ගෙවතු හිමියන් ද නිසි රසායනික භාවිතය ගැන දැනුවත් කිරීම අත්‍යවශ්‍යය.‍

ඖෂධ විද්‍යාවේ නිර්මාතෘ මහාචාර්ය බොම් බැස්ටස් පැරසෙල් සස්ගේ (1493-1541) ඔවදනක් මාගේ මතකයට නැගේ: “සියළු දේ විසය, විසෙන් තොර කිසිවක් නොමැත., විසක් ද ඹෟෂධයක් ද තීරණය වන්නේ භාවිතා කරන ප්‍රමාණය මතය.”

කාබනික කෘෂිකර්මය ගැන කොතරම් උදම් ඇනුව ද මෙතෙක් එම ක්‍රමයට ඇත්තේ ගෝලීය කෘෂි ඉඩම් ප්‍රමාණයෙන් 2% පමණි. මෙයින් 66% කාබනික තෘණ බිම් (පොහොසතුන්ට කාබනික බීෆ් ස්ටෙක් කෑමට!)  වන අතර ඉතිරි ප්‍රමාණය ධාන්‍ය වර්ග, පළතුරු හා වෙනත් භෝග සඳහා යෙදවි ඇත

ඖෂධ විද්‍යාවේ නිර්මාතෘ මහාචාර්ය බොම් බැස්ටස් පැරසෙල් සස්ගේ (1493-1541) ඔවදනක් මාගේ මතකයට නැගේ: “සියළු දේ විසය, විසෙන් තොර කිසිවක් නොමැත., විසක් ද ඹෟෂධයක් ද තීරණය වන්නේ භාවිතා කරන ප්‍රමාණය මතය.”

ඇත්තෙන්ම ගෙවතුවගාව කෙසේ වෙතත් සම්ප්‍රදායක කෘෂිකර්මයෙන් ඈත්ව ජාතික මෙන්ම ලොව ආහාර අවශ්‍ය තාවයන් නිපදවාගත නොහැක. කාබනික කෘෂිකර්මය ගැන කොතරම් උදම් ඇනුව ද මෙතෙක් එම ක්‍රමයට ඇත්තේ ගෝලීය කෘෂි ඉඩම් ප්‍රමාණයෙන් 2% පමණි. මෙයින් 66% කාබනික තෘණ බිම් (පොහොසතුන්ට කාබනික බීෆ් ස්ටෙක් කෑමට!)  වන අතර ඉතිරි ප්‍රමාණය ධාන්‍ය වර්ග, පළතුරු හා වෙනත් භෝග සඳහා යෙදවි ඇත. තවද කාබනික කෘෂිකර්මය ‘වසවිසෙන්’ තොර නොවේ. එක උදාහරණයක් නම් කාබනික පොහොර පමණක් යෙදෙන වගා බිම් තුළ කැඩ්මියම් හා ආසනික් වැනි බැර ලෝහ ප්‍රමාණයන් රසායනික පොහොර යොදා වාගා කරන බිම් වලට වඩා වැඩි බව පර්යේෂණයන් පෙන්වා දී ඇත. තවද කාබනික කෘෂිකර්මයේ භාවිතා කරන සමහර පළිබෝධ නාශකයන් හා පොහොර වර්ග ද සෞඛ්‍යයට අහිතකරය. එහෙත් කාබනික පොහොර භාවිතය පසෙහි සරු භාවය රඳවා ගැනීමට බෙහෙවින් උපකාරී වේ. කෙසේ වෙතත් සමස්ථයක් වශයෙන් ගත් කල කාබනික නිෂ්පාදනවල අහිතකර රසායනිකයන් සම්ප්‍රදායිකව නිෂ්පාදිත ආහාර වලට වඩා අඩු විය යුතුය. තවද කාබනික නිෂ්පාදනයන්ට වැඩි මිලක් ලබා ගැනීමට හැකි වීම ද ගොවියාට වාසියකි. එබැවින් හැකි පමණින් කාබනික ගොවිතැන ව්‍යාප්ත කළ යුතුය.

අරුණ කුමාර මහතාගේ එක් ආන්දෝලනයක් නම් ‘රෙඩ් ලේඩි’ වැනි ආනයනික දියුණු දෙමුහුන් පැපොල් නිසා ගමේ පැපොල් වර්ග නැතිවී යන වගයි. එබැවින් ගමේ පැපොල් ගෙවතු වගා හරහා ප්‍රචලිත කිරීම ඔහුගේ එක් යෝජනාවකි. එහෙත් ආවේණික භෝග ජාන සම්පත් රැකගැනීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වගකීමකි. ඒ සඳහා අංගසම්පුර්ණ ජාන සම්පත් රකින මධ්‍යස්ථානයක් එම ආයතනය තුළ ඇත.

ආනයනික ‘රෙඩ් ලේඩි’ පැපොල් ගසකින් වසරකට කිලෝ 30–40 ක ඵලදාවක් ලබාගන්නා අතර ආවේණික පැපොල් ගසකින් කිලෝ 10 ක් වත් ලබා ගත හැකිද? පොහොර නොයෙදුව හොත් වර්ග දෙකේම ඵලදාව එකසේ අඩුවිය යුතුය.

වායව අතු බැඳීම (air layering)

රෙඩ් ලේඩි ගෙඩි ඇට සිටුවා නැවත එවැනි ඵලදායි ගසක් ලබාගත නොහැකි වීම ඔහු පෙන්වා දේ. එහෙත් ගසේ කඳෙන් වායව අතු බැඳීම (air layering) වැනි වර්ධක ප්‍රචාරණ ක්‍රම මඟින් ගෙවත්තකට අවශ්‍ය පැළ පහසුවෙන් ලබා ගත හැක. තායිලන්තය හා මැලේසියාව වැනි රට වල බොහෝ ගෙවතු හිමියන් මෙන්ම ගොවීන් මෙම ක්‍රම භාවිතා කරනු ලැබේ. තවද රෙඩ් ලේඩි, ‘රෙඩ් ඩයමන්ඩ් හා තායි චුං’ වැනි දියුණු ප්‍රභේද ආවේණික වර්ග මෙන් නොව නොතැලී දිගු කලක් ගබඩා කිරීම හා ප්‍රවාහනය කිරීමට හැකිවීම ඉතා වැදගත් වේ. අවශ්‍ය වන්නේ වැඩි ඵලදායි, රසවත්, කල්තබා ගත හැකි වර්ග නොවේද?.

හරිත විප්ලවයේ වැදගත්ම දායාදය අමතක වීම

හරිත විප්ලවය ගැන කරුණු ඉදිරිපත් කරද්දී මහාචාර්යවරයාට එහි වැදගත්ම දායාදය වන ලොවට ආහාර සැපයීම අමතක වීම පුදුමයකි. අප රටට හරිත විප්ලවය දායක වී ඇතිසැටි පළමු වෙනි වගුවෙන් පැහැදිලි වේ. හරිත විප්ලව තාක්ෂණයන් හරහා අප කෘෂිවිද්‍යාඥයින්ගේ මහගු සේවය හා කැපවීම හේතුකොට රට සහලින් ස්වයංපෝෂිත වීමට හැකිවිය. 1940/ 50 දශකයේ දී වගාකරන ලද

පොඩි වී, මුතු සම්බා, මුරුංගකායන් සහ හී නැටි වැනි දේශීය වී වර්ගවලින් ලබා ගත හැකි වුයේ අක්කරයට වී බුසල් 12 – 15 ( ටොන්/ හෙක් 0.6 – 0.8 ) වැනි ඉතා අඩු ඵලදාවකි. එහෙත් 1960 දශකයේ මුල්භාගයේ H4 වැනි පැරණි දියුණු වර්ග හා පැරණි ආවේණික වර්ග මඟින් ඵලදාව සුළුවෙන් වැඩි කර ගත හැකි විය. ඉන් පසු ඵලදාව ශීඝ්‍රයෙන් වැඩි වීමට සහමුලින්ම පිටරටින් ලබා ගන්නා ලද ජාන සම්පත් දායක විය. එනම් ආවේණික වර්ග ඇත්තෙන්ම 1970 වෙන් පසු හරිත විප්ලවයට දායක නොවී ය.

ඵලදායිතාවය වැඩි කර ගැනීමට හැකි වුයේ සහමුලින්ම පිටරටින් ලබා ගන්නා ලද ජාන සම්පත් මඟිනි. එනම් ආවේණික වර්ග ඇත්තෙන්ම හරිත විප්ලවයට 1960 න් පසු දායක නොවීය. අප විද්‍යාඥයින් ආවේණික වර්ග අතගගා සිටියේ නම් අපි අද හාමතේය. මේ ඓතිහාසික ජයග්‍රහණය ගැන අරුණ කුමාර මහතා තම ලිපියේ කිසිදු සටහනක් නොකිරීම කනගාටුවට කරුණකි.

නව දියුණු ඇද නොවැටෙන වී වර්ගයක්
පැරණි සම්ප්‍රදායික ඇද වැටෙන වී වර්ගයක්

තවද ආවේණික වර්ග රෝග හා පලිබෝධයනට ඔරෝත්තු දෙන්නේ යැයි කීමද වැරදිය. කොළ පාළු රෝගය, බැක්ටිරීයා කොළ රෝගය මෙන්ම සුදු ගොයම් මැස්සාගේ හානියට ආවේණික වර්ග ගොදුරුවීමේ ප්‍රවනතාවය නව දියුණු වර්ගවලට වඩා ඉතා වැඩිය. එමෙන්ම ගොයම කඩා වැටීම හා පොහොර වලට ප්‍රතිචාර නොදැක්වීම ද ආවේණික වර්ගවල දුර්වලතාවයකි. පැරණි වර්ග රෝග වලට ප්‍රතිරෝධය දක්වන්නේ යැයි ද අරුණ කුමාර මහතාගේ මෙන්ම බොහෝ කරුණු නොදන්නා අයගේ වැරදි මතයක්ය. 

කෙසේ වෙතත් රතු පැරණි වී වර්ග බොහෝමයක් ගුණාත්මක භාවයෙන් වැඩිය. දෙවැනි වගුවෙන් මෙය පැහැදිලි වේ. නමදු සමහර නව දියුණු රතු වර්ගවලද එම ගතිගුණ ඇත.

අප විද්‍යාඥයින්ගේ පළමු ඉලක්කය වූයේ ඵලදායිතාවය වැඩි වර්ග අභිජනනය කිරීමයි. නමුත් පසුගිය දශක දෙක තුළ ගුණාත්මක භාවය ද සැළකිල්ලට ගෙන බිහි කරන ලද රතු සහල් වර්ග සමහරක ගුණාත්මක භාවය පැරණි වර්ගවල මෙන් ඇත. (වගුව 2)

ඇත්තෙන්ම වී, තිරිඟු හා බඩ ඉරිඟු වැනි ධාන්‍ය වර්ගයන්ගෙන් ප්‍රධාන බලාපොරොත්තුව පිෂ්ඨය (ශක්තිය) ය. ප්‍රෝටීන් හා අනෙක් සෞඛ්‍යට හිතකර ගුණාංගයන් ලබා ගත යුත්තේ පරිප්පු, මුං ඇට, සෝයා හා කව්පි වැනි රනිල භෝග මෙන්ම එළවළු පළතුරු හා මස්, මාළුවලින්ය.

පෝෂණ අවශ්‍යතා පටලවා ගැනීමේ අවුල

ඇත්තෙන්ම වී, තිරිඟු හා බඩ ඉරිඟු වැනි ධාන්‍ය වර්ගයන්ගෙන් ප්‍රධාන බලාපොරොත්තුව පිෂ්ඨය (ශක්තිය) ය. ප්‍රෝටීන් හා අනෙක් සෞඛ්‍යට හිතකර ගුණාංගයන් ලබා ගත යුත්තේ පරිප්පු, මුං ඇට, සෝයා හා කව්පි වැනි රනිල භෝග මෙන්ම එළවළු පළතුරු හා මස්, මාළුවලින්ය.

කෘෂි රසායනිකයන් සම්බන්ධවද වැරදි අවබෝධ අරුණ කුමාර මහතාට මෙන්ම බොහෝ ජනයාට ඇති බැවින් යථාර්ථය පැහැදිලි කළ යුතුය.

දැනට සියවස් දෙකකට පෙර ලොවම භාවිතා වූයේ කාබනික පොහොරය. එහෙත් 19වැනි ශතවර්ෂයේ මැද භාගයේදි ලොව වැඩිවන ජනගහනයන් සමඟම ඉදිරියේදි ආහාර හිගයකට මුහුණ දීමට විය හැකි යැයි යුරෝපීය විද්‍යාඥයින්ගේ මතය විය.  එම වකවානුවේ දී ජුස්ටස් ‍ෆොන් ලී බිග් (1803-1873) නැමැති ජර්මානු විද්‍යාඥයා බෝග වර්ධනයට නයිට්‍රජන් අවශ්‍යතාවය සොයා ගත් අතර ගේබර් – බොෂ් තාක්ෂණය මඟින් නයිට්‍රජන් පොහොර (ඇමෝනියා) වාණිජමය මට්ටමෙන් නිෂ්පාදනය කිරීමට හැකි විය. එමඟින් යූරියා පොහොර නිෂ්පාදනය විය. එවකටම සාන්ද්‍ර පොස්පේට් (සුපර් පොස්පේට් TSP) නිෂ්පාදන තාක්ෂණය ද බ්‍රිතාන්‍ය ජාතික ජෝන් බෙනට් ලොවෙස් (1816-1900) පෙන්වා දුනි. පොටෑසියම් (පොටෑෂ්) අවශ්‍යතාවය එවකටත් දැන සිටියේය. මෙම දැනුම අනුව රසායනික පොහොර වාණිජමය මට්ටිමේ නිපදවීම සිදුවිය. රසායනික පොහොර භාවිතය ඉතිහාසයේ බ්‍රිතාන්‍ය කෘෂි විප්ලවය සේ හැඳින්වෙන නමුදු ඇත්තෙන්ම එය යුරෝපීය කෘෂි විප්ලවය යැයි සඳහන් විය යුත්තේ මෙම තාක්ෂණය භාවිතාවෙන් යුරෝපයේම භෝග ඵලදාව වැඩි වීමයි. එසේ නොවන්නට පළමුවන ලෝක යුද්ධය සමයේ යුරෝපීය ජනයාට විශාල ආහාර හිඟයකට පාදක වීමට තිබුණි.

පසුකාලයක (1947) ජෝන් රසල් නැමති සුප්‍රකට බ්‍රිතාන්‍ය ජාතික පාංශු විද්‍යාඥයා මෙසේ ප්‍රකාශ කර ඇත. “ගොවිපල කාබනික පොහොර ටොන් ගණනක් වෙනුවට රසායනික පොහොර මළු කීපයකින් පොහොර අවශ්‍යතාවය ඉටුකර ගැනීමට හැකි වීම එදා ගොවීන්ට කොපමණ සතුටකට පත්වී දැයි අද අපට සිතා ගන්නත් නොහැකිය.”  

කාබනික කෘෂිකර්මය ගැන කොතරම් උදම් ඇනුව ද මෙතෙක් එම ක්‍රමයට ඇත්තේ ගෝලීය කෘෂි ඉඩම් ප්‍රමාණයෙන් 2% පමණි. මෙයින් 66% කාබනික තෘණ බිම් (පොහොසතුන්ට කාබනික බීෆ් ස්ටෙක් කෑමට!)  වන අතර ඉතිරි ප්‍රමාණය ධාන්‍ය වර්ග, පළතුරු හා වෙනත් භෝග සඳහා යෙදවි ඇත

තවද මැනිටෝබා විශ්වවිද්‍යාලයේ සුප්‍රකට මහාචාර්ය වැක්ලැව් ස්මිල් (1980) නව ශක්තිය හා ශිෂ්ඨාචාරය: ඉතිහාසය (Energy and Civilization: A History) නැමති කෘතියෙහි ගණනය කර පෙන්වා දී ඇත්තේ එවකට ඇමෝනියා (යූරියා) පොහොර නිෂ්පාදනය සිදු නොවන්නට ලොව ජනගහණයෙන් 40%ක් ජීවතුන් අතර නොසිටින වගයි.

කාබනික ගොවිතැනට ගියොත් සිදුවන විනාශය

හරිත විප්ලවයෙන් නිර්මාර්තෘ නොබෙල් ත්‍යාගලාභි නෝමන් බෝලොග් (1894-2009) වසර 2000 නොබෙල් සංගමය අමතමින් කියා සිටියේ හරිත විප්ලවය අත හැර, අරුණ කුමාර මහතගේ ආවේණික කෘෂි තාක්ෂණයන් හරහා ලොව ආහාර නිෂ්පාදනයට ආපසු අනුගත වන්නේ නම් ලොව දැනට ඇති ආහාර වගා බිම් ප්‍රමාණය මෙන් සතර ගුණයක් කැළෑ බිම් කෘෂි බිම්වලට හැරවිය යුතු වගයි. එසේ වන්නේ නම් ඇති විය හැකි පාරිසරික ව්‍යසනය සිතා ගත හැකිද?.

අරුණ කුමාර මහතා දොඩවන හරිත විප්ලවීය පාරිසරික බලපෑම් ඒ අනුව සොච්චමකි. තවද බෝලොග් පවසා සිටියේ හරිත විප්ලවයේ අඩුපාඩු ඇත්නම් ඒවාට පිළියම් සොයා ගෙන ඉදිරියට යා යුතු මිස ආපසු යා නොහැකි බවයි. හරිත විප්ලවයෙන් ඇති වූ ප්‍රධාන ව්‍යසනය නම් අධික අනවශ්‍ය කෘෂි රසායනික භාවිතයයි. එය තාක්ෂණයේ වරදක් නොව අපේම වරදකි. ලෝක ආහාර සංවිධානය (FAO) මඟින් දැනට වසර 40කට පමණ පෙර අධ්‍යනයකින් පෙන්වා දී ඇත්තේ බොහෝ අවස්ථාවන්හී දී භාවිතාවන පළිබෝධනාශක ප්‍රමාණයන්ගෙන් භාගයකින් අවශ්‍ය පළිබෝධ මර්දනය සාර්ථකව කර ගත හැකි වගයි.

පොහොර භාවිතයද එ‍සේමය. එළවළු ගොවීන්ගේ පොහොර භාවිතය ඉතා අධිකය. විෂේශයෙන්ම උඩරට ගොවීන් නිර්දේශිත රසායනික පොහොර මෙන් 8-10 ගුණයක්, ගොම පොහොරවලට අමතරව ‍යොදනු ලැබේ. මෙම පුරුද්ද මුදල් නාස්තියට අමතරව අධික පාරිසරික දූෂණයට හේතුවකි. විශේෂයෙන්ම පාරාසරික දූෂණය අධික පොස්ෆරස් (P) පොහොර නිසාය. උපරිම භෝග ඵලදාවට අවශ්‍ය පසෙහි (P) ප්‍රමාණය වන්නේ පස් කොටස් මිලියනයකට පොහොර කොටස් 30කි (30 ppm). එහෙත් උඩරට එළවළු වගා බිම් 70% P ප්‍රමාණය ඊට වැඩිය. ඇත්තෙන්ම වගාබිම් 50% ක P ප්‍රමාණය 70ppm වලට වඩා වැඩිය. එම ප්‍රමාණය හඳුන්වනු ලබන්නේ පාරිසරික උපරිම (Critical) P ප්‍රමාණය ලෙසය.

නුවරඑළියේ පමණක් මෙවැනි ගොවිපලවල් 472 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වාර්ථා කර ඇත. ඉන් සමහරක් P ප්‍රමාණය 400ppm ඉක්මවයි. පසෙහි P ප්‍රමාණය 60ppm ඉක්මවීමෙන් පසු පාංශු ඛාදනයත් සමඟ සෝදා ගොස් ඇළ, දොළ හා ගංඟා හරහා වියළි කලාපයේ වැව්වලට එකතුවීමෙන් ඇල්ගී උඩවන්ඩි බහුලව සෑදීමට උපකාරි වේ. එම සමහර ඇල්ගී අක්මාවට හා වකුගඩුවලට හානිදායක විශකාරක ජලයට මුදාහරි. රජරට වකුගඩු රෝගයට ‍මෙම විශකාරකයන් එක් හෙතුවක් යැයි විද්‍යාඥයන්ගේ මතයයි.

ඇත්තෙන්ම අප රට දකුණු ආසියාවේ අඩුම වස විස කන රට යැයි ලෝක බැංකුව කරන ලද සමීක්ෂණයකින් පෙනී ගොස් ඇත. ආසියාවේ අප රට මෙන් 20 ගුණයකටත් වැඩිය වස කන රට සිංගප්පූරුව වේ. තවද 2015 වසරේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පළමුවැනි පංතියේ අධික විෂ සහිත පළිබෝධනාශකයන්ගෙන් 98% භාවිතයෙන් ඉවත් කිරීමත් සමගම ‘වස විස කෑම’ අඩු විය යුතුය

රසායනික පොහොර නිසි භාවිතය

කරුණු මෙසේ හෙයින් නිසි කෘෂි රසායනික භවිතය ගොවීන්ට තරයේ ඉගැන්වීම ජාතික අවශ්‍යතාවයකි. කෘෂි ව්‍යාප්ති සේවාව අද ඉතා කණගාටු මට්ටමකට කඩා වැටී ඇත. වස විස ගැන නන් දොඩවනවාට වඩා පාලකයින් කළ යුත්තේ ගොවීන්ට අවශ්‍ය දැනුම ලබා දීමට කටයුතු කිරීමයි. කඩා වැටී ඇති කෘෂි ව්‍යාප්ති සේවාව නැවතත් නංවාලීම රජයේ ප්‍රමුඛ කර්තව්‍යයක් විය යුතුය.

දැනට සති කීපයකට පෙර කෘෂිකර්ම ඇමතිවරයා නාකියාදෙණියේ ගම්මුන් අමතමින්, ලංකාව ලෝකයේ වැඩියෙන්ම වස විස කන රට යැයි කී බවට මාධ්‍ය වාර්ථා කළේය. ඇත්තෙන්ම අප රට දකුණු ආසියාවේ අඩුම වස විස කන රට යැයි ලෝක බැංකුව කරන ලද සමීක්ෂණයකින් පෙනී ගොස් ඇත. ආසියාවේ අප රට මෙන් 20 ගුණයකටත් වැඩිය වස කන රට සිංගප්පූරුව වේ. තවද 2015 වසරේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පළමුවැනි පංතියේ අධික විෂ සහිත පළිබෝධනාශකයන්ගෙන් 98% භාවිතයෙන් ඉවත් කිරීමත් සමගම ‘වස විස කෑම’ අඩු විය යුතුය.

ලොව ජනගහණය වැඩි වීමත් සමඟ අවශ්‍ය ආහාර නිපදවීම තර්ජනයක් වී ඇත. දැනට ලොව කෘෂිකර්මයේ පෙනී යන එක් ප්‍රවනතාවයක් නම් අඩු ඵලදායි සහ අඩු ලාභදායි භෝග වගාවන් අඩු කර වැඩි ඵලදායි සහ වැඩි ලාභදායි භෝග වගාවයි. ඉන්දියාවේ කටු පොල් වගාවේ වර්ධනය මෙයට හොඳ උදාහරණයකි. සෝයා, තල හා මෙනේරි වැනි අඩු ඵලදායි  භෝග වෙනුවට කටු පොල් හෙක්ටයාර් මිලියන 2ක් වගා කිරීමට ඉන්දියාව කටයුතු කරනු ලැබේ. මෙයින් වැඩි කොටසක් වාරි ජලය භාවිතයෙනි.

1900 ශත වර්ෂයේ රසායනික පොහොර විප්ලවය සිදුවිය. ඉන් වසර 100 කට පසුව 20 වැනි ශත වර්ශයේ දී හරිත විප්ලවය නැත්නම් වැඩි ඵලදායි/ දෙමුහුන් භෝග නිෂ්පාදනය සිදුවිය. මෙම විප්ලව සිදු නොවන්නට අද ලොව අධික ආහාර හිඟයකට භාජනය වීමට ඉඩ තිබුණි.

මහාචාර්ය අරුණ කුමාරගේ පැරණි වී වර්ග හා ආවේණික කෘෂිකර්මයත් සමඟ ආපසු යා නොහැක. අවශ්‍යවන්නේ ආපසු උසස්ම තාක්ෂණීක ක්‍රමවේද භාවිතයත් සමඟ ඉදිරියට යෑමයි. මීළඟ අදියර වන්නේ ජාන විප්ලවයයි. එය දැනටමත් ආරම්භවී ඇත. දැනටමත් සම්ප්‍රදායික වී අභිජනන ක්‍රම මඟින් ඉදිරියට යෑම සීමිත බව විද්‍යාඥයින්ගේ මතයයි. එබැවින් ජාන තාක්ෂණය හරහා ඉදිරියට යා යුතුවේ. එහි අඩු පාඩු ඇත්නම් ඒවා විසඳා ගෙන ඉදිරියට නොගියහොත් අනාගතයේ ආහාර හිඟයක් ඇතිවනු නියතය.

පාඨක ඔබට නිවැරදි – සමබර – නිරවුල් – විශ්වාසනීය තොරතුරු ලබාදීම අපගේ වගකීම හෙයින් මෙම ලිපියේ සදහන් වන සති අග අරුණ පත්‍තරයක පලවු “දෙමුහුන් බීජ ගෙවතු වගාවට එපා” යන රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම මහාචාර්යවරයෙකු වන අරුණ කුමාර මහතාගේ ලිපිය හෙට (18) දින පළ කිරීමට අපි පියවර ගන්නෙමු. – ප්‍රධාන සංස්කාරක

RSL

Related Posts