ගැබ් ගැනීම්වලින් 33%ක්ම අනපේක්ෂිත ඒවා වන්නේ ඇයි ?

Spread the love

‘අනපේක්ෂිත ගැබ්ගැනීම්‘ කාන්තාවන් විසින් මුහුණ දෙන සුලභ ප්‍රශ්නයක්. සමීක්ෂණවලට අනුව ගැබ් ගැනිම් වලින් 33%ක් පමණ සැලසුම් නොකල ඒවායි. මෙයින් 23 %ක් පමණ ආර්තව චක්‍රයේ සරු කාලයේ දී සංසර්ගයේ යෙදිම නිසා ඇතිවන අතර 10%  කිසිසේත්ම සැලසුමකින් තොරවීම නිසා සිදුවේ.

කාන්තාවන් මේ තත්ත්වයට මුහුණ දෙන්නේ ‘ගැබ් ගැනීම්‘ ගැන ප්‍රමාණවත්, නිවැරදි දැනුමක් නොමැති නිසා බව ප්‍රකට කරුණක්. අප මේ ලිපිය මගින් අනපේ්ක්ෂිත ගැබ් ගැනීම් ගැන ඔබට පරිපූර්ණ විද්‍යාත්මක දැනුමක් ලබා දෙනවා.

සැලසුම් නොකළ ගැබ් ගැනීමක් යනු, මව හෝ පියා හෝ යුවල විසින් ම සැලසුම් නොකොට ඇතිවන පිළිසිද ගැනීමකි. විවාහයෙන් පසු, බොහෝ අඹු සැමියන් දරුවන් අපේක්ෂා කරති. ඔවුන්ගේ අවශ්‍යතා පෞද්ගලික වන අතර, එම නිසා නිසි සැලසුම් කිරීමක් කළ යුතුය.

ගැබ් ගැනීමට සැලසුම් කිරීමේදී සිතිය යුතු කරුණු

  • ශාරීරික යෝග්‍යතාව සම්බන්ධ කරුණු
  • මානසික ස්වභාවය
  • දරුවකු ලැබීම සදහා අවශ්‍ය කාලය සපයාගත හැකිවීම
  • අනාගතය සදහා සැලසුම්
  • ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබද දැනුම

මේ ඒ පිළිබදව තිබිය යුතු කරුණු කිහිපයකි. එම නිසා නිසියාකාර සැලසුම් මගින් යුවලකට නිරෝගි, තෘප්තිමත් දරුවෙකු ලැබිය හැකි අතර එම නිසා පවුලේ සාමාජිකයන් අතර සබදතාවය ද වර්ධනය කර ගතහැක.

සැලසුම් නොකල ගැබ් ගැනීමක් ඇති වුණු විට, ගබ්සාවකට මුහුණ දීම ඇතුලුව විවිධාකාර ප්‍රති විපාකවලට මුහුණදිමට සිදු වේ.

සැලසුම් නොකළ ගැබ් ගැනීම් ප්‍රමාණය

වර්තමානයේ දී ඇතිවන සැලසුම් නොකළ ගැබ්ගැනිම් නියම ප්‍රමාණය ගණනය කිරිම ඉතා අපහසු වෙයි. සමීක්ෂණවලට අනුව ගැබ් ගැනිම් වලින් 33%ක් පමණ සැලසුම් නොකල ඒවා වෙයි.
මෙයින් 23 %ක් පමණ ආර්තව චක්‍රයේ සරු කාලයේ දී සංසර්ගයේ යෙදිම නිසා ඇතිවන අතර 10%  කිසිසේත්ම සැලසුමකින් තොරවීම නිසා සිදුවේ.

බොහෝ නුතන උපත් පාලන ක්‍රම ආරක්ෂාකාරී හා විශ්වාසදායක වෙයි. මෙවැනි ආසාර්ථකත්වයක් බොහෝවිට ඇතිවෙන්නේ උපත් පාලන ක්‍රමයේ වැරදි හා ස්වභාවික උපත් පාලන ක්‍රම යොදාගැනිම නිසාය.

සැලසුම් නොකළ ගැබ් ගැනීම් ඇතිවීමට හේතු

1. ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබද දැනුම අල්ප වීම – සබදතාවයක දී හෝ විවාහය සැලසුම් කරන විට, ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පද්ධති පිළිබද දැනුමක් ලබා තිබීම අත්‍යවශ්‍යවේ. මෙමගින්, ලිංගික කාර්යයේ දී සිදුවන දෑ, පිළිසිද ගැනීමක් ඇති වෙන්නේ කෙසේද, එය වළක්වා ගන්නෙ කෙසේද යන්න පිළිබදව අවබෝධයක් ලබාගත හැක.

2. උපත් පාලන ක්‍රමයක් භාවිත නොකිරීම – විශ්වාසදායක උපත් පාලන ක්‍රමයක් භාවිත නොකරන්නේ නම්, අනවශ්‍ය ගැබ් ගැනීමක් ඇතිවිය හැක.

3. උපත් පාලන ක්‍රමය අසාර්ථක වීම – උපත් පාලන ක්‍රමයේ යම් අසාර්ථකත්වයක් නිසා අනවශ්‍ය ගැබ් ගැනීමක් ඇතිවිය හැක. බොහෝ නුතන උපත් පාලන ක්‍රම ආරක්ෂාකාරී හා විශ්වාසදායක වෙයි. මෙවැනි ආසාර්ථකත්වයක් බොහෝවිට ඇතිවෙන්නේ උපත් පාලන ක්‍රමයේ වැරදි හා ස්වභාවික උපත් පාලන ක්‍රම යොදාගැනිම නිසාය.

4. ලිංගික අපයෝජනය හෝ දුෂණය- අනවශ්‍ය පිළිසිද ගැනීමක් ඇතිවීමේ අවදානම සිහි තබා ගත යුතුය.

අනවශ්‍ය පිළිසිද ගැනීමකදී සිදුවිය හැක්කේ කුමක්ද ?

1. සැලසුම් නොකල ගැබ්ගැනිම් අනවශ්‍ය පිළිසිද ගැනීමක් බවට පත්වීම – මුලදී අනවශ්‍ය /සැලසුම් නොකළ පිළිසිද ගැනීමක් වුවද, කාලය සමග එය අවශ්‍ය  පිළිසිද ගැනීමක් බවට පත්විය හැක. ඔබේ සහකරු,පවුලේ සාමාජිකයන් හෝ පවුලේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීමෙන් පසු මෙය සිදුවිය හැක.

2. අනවශ්‍ය පිළිසිද ගැනීම, අනවශ්‍ය  පිළිසිද ගැනීමක් ලෙස පැවතීම – මවගේ මානසික තත්ත්වය හා සමහර විටෙක තමන් පිළිබද නොසැලකිල්ල, කායිකව හා මානසිකව දරුවාට හා මවට බලපායි.

3. අනවශ්‍ය පිළිසිද ගැනීම ගබ්සාවක් දක්වා වර්ධනය වීම – මවගේ ජීවිතය බේරා නොගැනීමට නොවේ නම්, ගබ්සාව ශ්‍රී ලංකාවේ නිතී විරෝධිවේ. ශ්‍රී ලංකා‍වේ භාවිතවන ගබ්සා ක්‍රම  වෛද්‍යමය,ශල්‍යමය හෝ සාම්ප්‍රදායික ක්‍රම විය හැක.

4. ළදරු ඝාතනය / මව විසින්ම ළදරුවා ඝාතනය කිරීම – මව විසින් තම සෞඛ්‍යය තත්ත්වය ගැන අවධානය යොමු නොකිරීම,නිතර වෛද්‍ය පරික්ෂණ සදහා සහභාගි නොවීම, ආහාර හා විටමින් ගැන අවධානය යොමු නොකිරීම, මව විසින් සමහර විටෙක ගැබ් ගැනීම රහසක් ලෙස තබා ගැනීමට ‍හෝ දරු ප්‍රසුතිය තමා විසින් ම කර ගැනීමට හෝ දරුවාගේ හුස්ම හිර කිරීමට උත්සාහ කරනු ඇත. ඉහත සදහන් සියලු අවස්ථා ‍දරුවාගේ ජීවිතය‍ට තර්ජනයකි.

5. දෙමව්පියන් විසින් නොසලකා හැරීම – මන්ද පෝෂණය, ආතතියට හෝ අපයෝජනයට දරුවා ලක්විය හැක. අපයෝජනය, කායික හා මානසික හෝ ලිංගික වශයෙන් තෙවැදෑරුම් විය හැක. මෙහි අවසාන ප්‍රතිඵලය විය හැක්කේ බොහෝ දරුවන්ට මානසික ගැටලු උරුමවීමයි.

6. මවට ඇතිවිය හැකි බලපෑම් – නිතර ගැබ් ගැනීම මගින් කායික හා මානසික සෞඛ්‍යය‍ට බලපෑම් ඇති කරයි.

  •  කායික සෞඛ්‍යය – මන්දපෝෂණය, නීරක්තිය , අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ හිගවීම, හදවත් රෝග වැනි අනෙකුත් රෝග වර්ධනය වීම, දියවැඩියාව, අධික රුධිර පීඩනය ආදිය
  • මානසික සෞඛ්‍යය-  පිළිසිද ගැනීම පිළිබද සුදානම් නොමැති නම් ගැටලු රාශියක් මතුවෙයි. මෙම ගැටලු දරුවා ඉපදුනු පසු ද පැවතිය හැක. කාන්තාවක්, ගබ්සාවක් කිරීමට තීරණය කරන්නේ නම්, ඇය ඒ පිළිබදව වසර ගණනාවක් තිස්සේ පසුතැවෙයි. එවැනි තත්ත්වයක් කාන්තාවගේ හා ඇයගේ පවුලේ සුවතාවයට බලපෑම් ඇති කරයි.

7. දරුකමට හදා ගැනීම සදහා ලබා දීම – මූල්‍ය අස්ථාවරතාවය, සාමාජීය හේතු (විශාල පවුල්, එක් සහකරුවෙකුගෙන් ප්‍රතික්ෂේප වීම සහ අනෙකුත් හේතු නිසා, සමහර විටෙක මෙම තීරණය ගනු ලැබේ. කෙසේ නමුත් බොහෝ කාන්තාවන් සහ ඔවුන්ගේ සහකරුවන් ජීවිත කාලය තුරාවටම ඒ පිළිබදව සිතමින් පසුතැවෙයි.

8. විකිණීම සදහා ලබා දීම- බොහෝ විට මූල්‍ය ප්‍රශ්න නිසා දරුවන් විකිණීම සදහා ලබා දෙයි.

9. දරුවා  අත්හැර දැමීම – දරුවා – ශරීර උෂ්ණත්වය අඩුවීම හෝ විජලනය නිසා මියයාම ‍‍හෝ සතුන් විසින් පහරදීමට ලක්වීම හෝ අන්‍යයන් විසින් ලබාගැනීම (සමහර විට දරුවා හොදින් ලබා ගැනෙන අතර සමහර විටෙක විවිධ අපයෝජන වලට ලක්විය හැකිය.)

10. සිය දිවි නසා ගැනීම – පවුල හෝ සාමාජය මගින් ඇතිවන පීඩනය නිසා හෝ තම පවුල නඩත්තු කිරීමට නොහැකියාව නිසා සියදිවිනසා ගැනීමට පෙළඹේ.

ඉහත සදහන් තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීම සදහා සැම විටම ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීම වැදගත්වේ.

අනවශ්‍ය පිළිසිද ගැනීමක් වළක්වා ගන්නේ කෙසේ ද?

  • ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබද අවබෝධය දියුණු කිරීම
  • ඔබේ සහකරු සමග සාකච්ඡා කර ඔබේ අවශ්‍යතා පරිදි පවුල සැලසුම් කරගන්න.
  • උපත් පාලනය හා ලබාගත හැකි උපත් පාලන ක්‍රම පිලිබදව අ‍වබෝධය දියුණු කරගැනීම
  • නිසි හා ක්‍රමවත් ලෙස විශ්වාසදායි උපත් පාලන ක්‍රමයක් යොදාගැනීම

(ක්‍රමවත් උපත් පාලන ක්‍රමයක් භාවිත නොකරන්නේ නම්) සැලසුම් නොකළ ලිංගික එක්වීමකින් පසු හදිසි ගැබ්ගැනීම් වැලැක්වීමේ ක්‍රමයක් භාවිත කරන්න.

Text by Happylife.lk

RSL

Related Posts