ගඩාෆිගේ හිසට මිලක් නියම වේ

Spread the love

ලිබියානු කැරළිකරුවන් කර්නල් මුවම්මර් ගඩාෆිගේ හිසට මිලක් නියම කර තිබේ.

කරළිකරුවන්ගේ ජාතික කවුන්සිලයේ ප්‍රධානී මුස්තාපා අබ්ඩෙල් ජලීල් ප්‍රකාශ කළේ, ගඩාෆිගේ සිරුර හෝ ඔහු පණපිටින් හෝ රැගෙන එන්නකුට ඇමරිකානු ඩොලර් මිලියන 1.7ක ත්‍යාගයක් පිනමන බවයි.

කර්නල් ගඩාෆිගේ සමීපතමයකු මෙම ක්‍රියාව කරන්නේ නම් ඔහුට සමාව දීමට සුදානම් බවද ජලීල් පවසයි.

නායකත්වය අත්හරින්නේ නම් ආරක්ෂිතව රටින් පිටවීමට ලිබියානු නායකයාට පහසුකම් සැලසීමට හැකියාව ඇතැයි, කැරළිකරුවන්ගේ ප්‍රකාශකයකු පවසා තිබේ.

කෙසේ වෙතත් ඔහු පෙන්වා දි ඇත්තේ, ගඩාෆි කිසිදු අවස්ථාවක එවැන්නක් සඳහා පෙළ‍ඹෙන්නකු ‍ නොවනු ඇති බවයි.

ගඩාෆි සිටින ස්ථානයක් මේ වන විට පැහැදිලි නැති ඇතර ඔහු ට්‍රිපෝලි නගරය ආශ්‍රිතව තවමත් දිවිගෙවනු ඇති බව කැරළිකරුවන්ගේ විශ්වාසය වී තිබේ.

මේ අතර හඬපටයක් නිකුත් කරමින් ගඩාෆි අවධාරණය කරනුයේ ජයග්‍රහණය හෝ මරණය තෙක් සටන් කරන බවයි.

RSL

Related Posts