කොරෝනා ලොව පුවත් විමසුම – මහා බ්‍රිතාන්‍යයේ 66,000ක් මිය යා හැකි බවට අනාවැකි

Spread the love

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ වාර්තාවන්ට අනුව ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේදී 1,347,566ක් ලෙස වාර්තා වූ අතර අද දිනය තුළ වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 71,418කි. ලෝකය පුරා කොවිඩ්-19 ආසාදිතයින්ගේ මරණ 74,780ක් වාර්තා වී ඇති අතර සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 285,101කි.

ගෝලීය නව ප‍්‍රවණතා

සෞඛ්‍ය සේවකයනි ඔබගේ සේවය මම සදා අගයමි – මහ රැජින

මාරාන්තික නව කොරෝනා වසංගතයට එරෙහිව සිය දිවි දෙවැනි කොට සටන්වදින ලොවපුරා සිටින සෞඛ්‍ය සේවකයන්ට ඔවුන්ගේ පරාර්ථකාමී කැපවීම සහ උද්‍යෝගය හා කඩිසරකම වෙනුවෙන් විශේෂ ඇගයීමක් හිමිවිය යුතු බව බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින අද (7* ප්‍රකාශ කළාය.

මහ රැජිණ මෙසේද සදහන් කළාය.

‘‘සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලොවපුරා සිටින සියලු දෙනාට විශේෂ ඇගයීමක් හිමිවිය යුතුයි. මා ඔවුන්ට කෘතඥතාව පළ කරනවා. මේ අවස්ථාවේදී ජනතාවගේ සුවසෙත සහ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය වෙනුවෙන් ඔබ පරාර්ථකාමීවත්ල ඉතා කඩිසරව හා ඉතා උද්‍යෝගයෙනුත් කටයුතු කරනවා. ඒ වෙනුවෙන් මා ඔබට කෘතඥ විය යුතුයි. ඔබ මේ මොහොතේ විශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. මමත් මගේ පවුලත් ඔබට විශේෂ ඇගයීමක් හා සුභාශිංසන පිරිනමනවා.

බි‍්‍රතාන්‍ය අගමැතිගේ තත්ත්වය යහපත් අතට

කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටි මහා බි‍්‍රතාන්‍යයේ අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

55 හැවිරිදි වියේ පසුවන අගමැතිවරයා ශ්වසන අපහසුතාවකින් පෙළීම හේතුවෙන් ඔහුට ඔක්සිජන් ලබා දී ඇති නමුත් ඊට ශ්වසන ආධාරක යන්ත්‍රයක් භාවිත කර නොමැති බවත් ඔහු මේ වන විට ස්ථාවර මට්ටමක සහ යහපත් මානසික මට්ටමකින් පසුවන බව ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අගමැතිවරයා නියුමෝනියා තත්ත්වයෙන් නොපෙළෙන බවද වාර්තා වේ.

වූහාන් නගරයේ දුම්රිය ස්ථානයක්

චීනයේ කොරෝනා මරණ නැති පළමු දිනය

චීනයෙන් අද (අප්‍රේල් 07) එකම කොරෝනාවෛරස් රෝගී මරණයක් හෝ වාර්තා නොවූ බව චීන මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය ජනවාරියේ පටන් චීනය දෛනික සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ අතර එකම මරණයක් හෝ වාර්තා නොවුණු පළමු දිනය ලෙස මෙය වාර්තා වේ.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම නිවේදනය කළේ අඟහරුවාදා දිනය තුළ කොරෝනාවෛරසය වැළඳී ඇති බවට තහවුරු වූ පුද්ගලයන් 32 දෙනෙකු හමු වී ඇති බවයග සඳුදා දිනය තුළ එම සංඛ්‍යාව 39ක් විය.

අද හමු වී ඇති රෝගීන් සියලු දෙනා විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයන් බව චීනය පැවසීය.

මෙම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් වන්නේ චීනය විසින් කොරෝනාවෛරස් රෝගීන් හා මරණ සංඛ්‍යා අඩුවෙන් වාර්තා කරනු ලබන්නේ දැයි සැක පළ කෙරෙමින් පවතින අතරතුර ය.

එරට නිල වාර්තා අනුව මෙතෙක් කොරෝනාවෛරස් රෝගීන් 81,740ක් හමු වී ඇති අතර මිය ගිය සංඛ්‍යාව 3,331කි.

Covid-19 : යුරෝපයේ පමණක් 151,680ක් මිය යා හැකි බවට ඉගි

නව කොරෝනා වෛරසය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ 66,000කට ජීවිත අහිමි වනු ඇතැයි ද යුරෝපයේ මාරාන්තිකම තත්ත්වයට මුහුණ දීමට සිදුවනු ඇත්තේ බ්‍රිතාන්‍යයට බව ද නව අධ්‍යයනයකින් හෙළි වී ඇතැයි ප‍්‍රංශ පුවත් සේවය කියයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ‘වෙද්‍ය පාසලේ’ සෞඛ්‍ය ප්‍රමිතික සහ ඇගයීම් ආයතතනය මෙම පර්යේෂණය කර ඇත.

කොරෝනා වසංගතයේ පළමු රැල්ලෙන් පමණක් එලෙස 66,000කට පමණ දිවි අහිමි වනු ඇතැයි ද එම අධ්‍යයනයෙන් අනතුරු අඟවා ඇත.

එහි දත්තවලට අනුව කොරෝනා වෛරසයෙන් යුරෝපයේ පමණක් 151,680 දෙනකු මිය යා හැකි බව අනාවරණය වී තිබේ.

ලෝකයේ අද දින වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සිටි රාජ්‍ය සහ මරණ සංඛ්‍යාව – අල් ජසීරා ඇසුරිණි

එක්සත් ජනපදය – රෝගීන් 378,289 ක්, මරණ 11,830 ක් 
ස්පාඤ්ඤය රෝගීන් 140,511 ක් , මරණ 13,897  ක්
ඉතාලිය – රෝගීන් 132,547 ක්, මරණ 16,523 ක්
ජර්මනිය – රෝගීන් 105,519 ක්, මරණ 1,854 ක්
ප්‍රංශය – රෝගීන් 98,984 ක්, මරණ 8,926 ක් 
චීනය –   රෝගීන් 82,718 ක් ,   මරණ 3,335 ක් 
මැකාවු හි රෝගීන් 41 ක් සහ හොංකොං හි මරණ 765 ක් – මරණ හතරක් ඇතුළත් වේ.
ඉරානය – රෝගීන් 62,589 ක්, මරණ 3,872 ක් 
එක්සත් රාජධානිය –  ආසාදිතයින් 52 , 302 ,  මරණ 5 , 385
තුර්කිය – රෝගීන් 34,109 ක්, මරණ 725 ක්
ස්විට්සර්ලන්තය –  රෝගීන් 22,242 ක් , මරණ 787 ක්
බෙල්ජියම – රෝගීන් 22,194 ක්, මරණ 2,035 ක්
නෙදර්ලන්තය – රෝගීන් 19,703 ක්, මරණ 2,108 ක්
කැනඩාව – රෝගීන් 16,667 ක්, මරණ 323 ක්
ඔස්ට්‍රියාව – රෝගීන් 12,519 ක්, මරණ 243 ක්
පෘතුගාලය – රෝගීන් 12,442 ක්, මරණ 345 ක්
බ්රසීලය – රෝගීන් 12,240 ක්, මරණ 566 ක්
දකුණු කොරියාව – රෝගීන් 10,331 ක්, මරණ 192 ක්
ඊස්රායලය – රෝගීන් 9,006 ක්, මරණ 60 ක්
ස්වීඩනය – රෝගීන් 7,693 ක්, මරණ 591 ක්
රුසියාව – රෝගීන් 7,497 ක්, මරණ 58 ක්
ඕස්ට්‍රේලියාව – රෝගීන් 5,895 ක්, මරණ 45 ක්
නෝර්වේ – රෝගීන් 5,866 ක්, මරණ 83 ක්
අයර්ලන්තය – රෝගීන් 5,364 ක්, මරණ 174 ක්
ඩෙන්මාර්කය – රෝගීන් 5,173 ක්, මරණ 203 ක්
ඉන්දියාව – රෝගීන් 4,911 ක්, මරණ 137 ක්
චෙක් ජනරජය – රෝගීන් 4,828 ක්, මරණ 80 ක්
මැලේසියාව – රෝගීන් 3,963 ක්, මරණ 63 ක්
ජපානය – රෝගීන් 3,906 ක්, මරණ 92 ක්
පිලිපීනය – රෝගීන් 3,764 ක්, මරණ 177 ක්
සෞදි අරාබිය – රෝගීන් 2,795 ක්, මරණ 41 ක්
ඉන්දුනීසියාව – රෝගීන් 2,738 ක්, මරණ 221 ක්
එක්සත් අරාබි එමීර් රාජ්යය – රෝගීන් 2,076 ක්, මරණ 11 ක්
කටාර් – රෝගීන් 1,832 ක්, මරණ 4 ක්
බහරේනය – රෝගීන් 756 ක්, මරණ 4 ක්
කුවේට් – ආසාදිතයින් 743, 1 මරණය
පැරීසිය තුළ ව්‍යායාම සම්බන්ධයෙන් පනවා ඇති සීමා තවත් දැඩි කර තිබේ
මේ දක්වා ප්‍රංශයෙන් වාර්තාවූ වැඩිම කොරෝනාවෛරස් රෝගී මරණ සංඛ්‍යාව අද, අඟහරුවාදා (අප්‍රේල් 07) වාර්තා විය. එම සංඛ්‍යාව 833කි.මේ අනුව ප්‍රංශයේ මිය ගිය මුළු සංඛ්‍යාව 8,911ක් දක්වා ඉහළ ගියේය. එරට සිටින කොවිඩ් – 19 රෝගීන් ගේ මුළු ගණන 98,010කි.

කොරෝනා ආසාදනයෙන් අදත් ප්‍රංශයේ 833ක් මරුට

ප්‍රංශය තුළ පැතිරෙන කොරෝනා වෛරසයේ බලපෑම පිළිබඳව නවතම තොරතුරු ඉදිරිපත් කළ ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියේ වෙරොන් ( Olivier Véran ) ඊයේ ( අප්‍රේල් 06 ) සවස ප්‍රකාශ කළේ, ගෙවී ගිය පැය 24 තුළ පුද්ගලයන් 833 ක් කොරෝනා ආසාධනයෙන් මිය ගොස් ඇති බවය. 
කොරෝනා වසංගතයේ ආරම්භයේ සිට අප්‍රේල් 06 වැනිදා දක්වා කාලය තුළ ප්‍රංශය තුළ මිය ගොස් ඇති සමස්ත රෝගීන් ප්‍රමාණය 8,911 ක් බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා, එම මුළු මරණ සංඛ්‍යාවට රෝහල් මරණ 6,494 ක් සහ යැපෙන වැඩිහිටියන් සඳහා නවාතැන් සපයන නිවාස වල ( Ehpad ) මරණ 2, 417 ක් ඇතුලත් වී ඇති බව ද අනාවරණය කළේය. 
එසේම අප්‍රේල් 06 වැනිදායින් ගෙවී ගිය පැය 24 තුළ සිදු වී ඇති මරණ සංඛ්‍යාව වූ 833 න් මරණ 605 ක් රෝහල වලින්ද 228 ක් Ehpad වලින්ද වාර්තා වී ඇති බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය. මේ වන විට දැඩි සත්කාර ඒකක වල සිටින රෝගීන් ප්‍රමාණය 7,072 කි. ගෙවුණු පැය 24 තුළ දැඩි සත්කාර ඒකක වලට ඇතුළත් කර ඇත්තේ රෝගීන් 94 දෙනෙක් පමණක් බව පැවසූ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියේ, මීට පෙර තත්ත්වයට සාපේක්ෂව මෙය යම් සැනසිලිදායක තත්ත්වයක් බව පැවසීය. 
කොරෝනා වෛරසය ආසාධයන වී මේ වන විට සුව වී ඇති රෝගීන් ගේ ප්‍රමාණය 17,250 කි. මේ වන විට රෝගල්ගත ව සිටින රෝගීන් ප්‍රමාණය 29,722 ක් වන අතර, ගෙවි ගොස් තිබූ පැය 24 තුළ පමණක් රෝගීන් 831 ක් රෝහලගත කොට තිබේ. 
වඩාත් අවදානමට ලක්විය හැකි වැඩිහිටියන්ට සහ ආබාධිත පුද්ගලයන්ට ප්‍රමුඛ තාවය ලබා දී පරීක්ෂණ මෙහෙයුමක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය. 
මේ අතර කොරෝනා වෛරසය නිසා හට ගෙන ඇති ආර්ථික අර්බුදය ගැන සෙනට් සභාවේ ආර්ථික කමිටුව දැඩි කනස්සල්ලෙන් පසුවන බව ආර්ථික අමාත්‍ය Bruno Le Maire ප්‍රකාශ කොට ඇත. 
1945 න් පසු ප්‍රංශය මුහුණ දුන් 2008 -2009 යේ ආර්ථික අර්බුදයට වඩා ඉතා දරුණු අවපාතයකට මෙම කොරෝනා වසංගතය නිසා ප්‍රංශයට මුහුණ දීමට සිදුවනු ඇතැයි ආර්ථික අමාත්‍යවරයා අනතුරු අඟවා ඇත. 

සුනිල් ගාමිණී – ප්‍රංශ ජනමාධ්‍ය ඇසුරෙන්

RSL

Related Posts