ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය සහ ඉන්දීය නාවික හමුදාව විසින් කෙටි දුර මතුපිට සිරස් දියත් කිරීමේ මිසයිලය සාර්ථකව අත්හදා බලන ලදී.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සංවර්ධනය නිවේදනය කළේ කෙටි දුර මතුපිට සිරස් දියත් කිරීමේ මිසයිලය යනු නැව් මගින් ගෙන යා හැකි අවි පද්ධතියක් සහිත මුහුදු කිමිදුම් ඉලක්ක ඇතුළු සමීප පරාසයක විවිධ ගුවන් තර්ජන උදාසීන කරණ පද්ධතියක් බවයි.

ඔඩීෂා වෙරළට ඔබ්බෙන් වූ චන්දිපූර්හි ඒකාබද්ධ පරීක්ෂණ පරාසයේදී දේශීයව නිපදවන ලද මිසයිලය අත්හදා බලන ලදී.

මිසයිල පද්ධතිය අධිවේගී ගුවන් ඉලක්කය අනුකරණය කරන ගුවන් යානයකට එරෙහිව සිදු කරන ලද අතර එය සාර්ථකව ක්‍රියාත්මක විය.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ පරීක්ෂණ දියත් කිරීම ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය සහ ඉන්දීය නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් නිරීක්ෂණය කරන ලද බවයි.

චන්දිපූර්හි ඒකාබද්ධ පරීක්ෂණ පරාසයේ නිරීක්ෂණ උපකරණ ගණනාවක් භාවිතයෙන් මිසයිලයේ පියාසැරි මාර්ගය සහ පරාමිතීන් නිරීක්ෂණය කරන ලදී.

මෙම මිසයිලයේ පියාසැරි පරීක්ෂණය සාර්ථකව අත්හදා බැලීම පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානයට, ඉන්දීය නාවික හමුදාවට සහ කර්මාන්තයට සිය සුභාෂිංශන කළේය. ගුවන් තර්ජනවලට එරෙහිව ඉන්දීය නාවික නෞකාවල ආරක්‍ෂක හැකියාව මෙමගින් තවදුරටත් ඉහළ නැංවීමට හැකිවන බව අභිමානයෙන් පැවසීය

මෙම දේශීය මිසයිල පද්ධතිය සංවර්ධනය කිරීම තුළින් ඉන්දීය නාවික හමුදාවේ ආරක්‍ෂක හැකියාවන් තවදුරටත් ශක්තිමත් වන බව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් පැවසීය.එමෙන්ම ඔහු ඉන්දීය නාවික හමුදාව සහ ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධනය අගය කළේය

ඉන්දීය නාවික නෞකා තුළ දේශීය අවි පද්ධතිය ඒකාබද්ධ කිරීම මෙම පරීක්ෂණයෙන් ඔප්පු වී ඇති බව ඉන්දීය ආරක්‍ෂක පර්යේෂණ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලේකම් සහ ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානයේ සභාපති ජී සතිෂ් රෙඩ්ඩි පැවසීය.