කුකුළු මස් මිල අඩු කිරීමට පියවර

Spread the love

එළඹෙන උත්සවය සමයේ කුකුළු මස් ඉල්ලුම ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් කුකුළු මස් මිල අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඒ අනුව කුකුළු මස් කිළෝග්‍රෑමයක මිල රුපියල් 1080ක් දක්වා අඩු කිරිමට පියවර ගන්නා බවයි එම සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික සඳහන් කළේ.

මේ අතර බිත්තර මිල ද පහළ දැමීමට කටයුතු කරන බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළා.

Related Posts