කැරළිකරුවන්ගේ මී ළඟ ඉලක්කය ගඩාෆි උපන් නගරය වන සර්ත්

Spread the love

ගඩාෆි උපන් නගරය වන සර්ත් රැකගැනීම සඳහා 20,000ක සන්නද්ද බල ඇණියක් සුදානම් බව කර්නල් ගඩාෆිගේ පුත් සයිෆ් අල් ඉස්ලාම් පවසයි.

සර්ත් නගරය ලිබියානු කැරළිකරුවන්ගේ මී ළඟ ඉලක්කය වී තිබේ.

ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත්‍රයා කැරළිකරුවන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් කියා සිටි‍න්නේ,  සර්ත් අත්පත් කර ගැනීමට උත්සහ කළ හොත් ඔවුන්ට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වනු ඇති බවයි.

අරාබි රූපවානී නාලිකාවකට හඬ පටයක් යොමු කරමින් ඔහු ඒ බව අවධාරණය ක‍ර සිටියේය.

ඔහු පැවසුවේ, ගඩාෆිට පක්ෂපාත බලඇණිය කරළිකරුවන් පැමිණෙන තෙක් බලා සිටින බවයි.

තමන් ට්‍රිපෝලි අගනුවර රැදී සිටින අතර ඊයේ සවස නගරයේ ස්ථාන කිහිපයක සංචාරය කළ බවත් සයිෆ් අල් ඉස්ලාම් පවසා තිබේ.

ඒ අතර ලිබියානු නායක මුවම්මර් ගඩාෆි ද යහපත් තත්ත්වයකින් පසු වන බව ඔහු පවසා ඇත.

RSL

Related Posts