කර්නල් මුවමර් ගඩාෆිගේ නිවස්නය වටා දරුණු සටන්

Spread the love

ලිබියානු නායක කර්නල් මුවමර් ගඩාෆිගේ ට්‍රිපෝලි අගනුවර පිහිටි නිවස්නය වටා දරුණු සටන් පවතී.
වසර 41 පුරා ලිබියාව පාලනය කළ මුවමර් ගඩාෆි අවධාරණය කළේ තමා ට්‍රිපෝලි අගනුවර හැර නොයන බවයි.
ඔහු ට්‍රිපෝලි වැසියන්ගෙන් ඉල්ලා සිටියේ අවසානය තෙක් සටන් කරන ලෙසයි.

ට්‍රිපෝලි අගනුවර බලය අත්පත් කර ගැනීම සදහා ලිබියානු කැරලිකරුවන් ඊයේ මෙහෙයුම් ආරම්භ කළේය.

ලිබියානු කැරලිකරුවන් අද අලුයම ප්‍රකාශ කළේ කර්නල් මුවමර් ගඩාෆිගේ බලකොටුවවන බබ් අල් අසීසියා ප්‍රදේශය හැර සමස්ථ ට්‍රිපෝලි අගනුවරම තම පාලනයට ගත් බවයි.

ගඩාෆි හිතවාදී හමුදා සහ කැරලිකරුවන් අතර ට්‍රිපෝලි නුවර තවදුරටත් සටන් පවතින බව ඒජන්සි වාර්තා සදහන් කළේය.

කැරලිකරුවන් පැවසුවේ ගඩාෆි හිතවාදී කණ්ඩායම් ට්‍රිපෝලි නුවර සීමිත භූමි ප්‍රදේශයකට කොටු වී සිටින බවයි.

ලිබියානු කැරලිකරුවන් ට්‍රිපෝලි අගනුවර බලය අත්පත් කර ගැනීමත් සමඟ එරට නගර රැසක ජනතාව වීථි බැස ප්‍රීතිඝෝෂාවල නිරත විය.

බී.බී.සී. ලෝක සේවය පැවසුවේ ට්‍රිපෝලි, බෙන්ගාසි, බේගා ඇතුළු නගරවල ප්‍රීතිඝෝෂා පවත්වන බවයි.

රාජ්‍ය ගුවන් විදුලිය ඇතුළුව ට්‍රිපෝලි අගනුවරින් 95%ක පාලනය තමන් අතට පත්ව ඇතැයි ලිබියානු කැරලිකරුවන් ප්‍රකාශ කළේය.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ලිබියානු නායක කර්නල් මුවමර් ගඩාෆිගේ අවසානය ලංව ඇතැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ ලිබියානු ජනතාවට එරෙහිව අපරාද රැසක් සිදුකර ඇති මුවමර් ගඩාෆි තවදුරටත් එම ජනතාව පීඩාවට පත් නොකර බලයෙන් වහා ඉවත්විය යුතු බවයි.

[youtube 97BX6WRUf9g]

RSL

Related Posts