ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කෙරේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අඟහරුවාදා යුක්රේනයේ පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ සාකච්ඡා කළ බවයි. මෙම සාකච්ඡාවේදී ඉන්දීය අගමැතිවරයා පැවසුවේ ගැටුමට මිලිටරි විසඳුමක් තිබිය නොහැකි බවට වන සිය ස්ථිර විශ්වාසය ප්‍රකාශ කළේය. ඕනෑම සාම ප්‍රයත්නයකට දායක වීමට ඉන්දියාවේ සූදානම එහිදි ඔහු ප්‍රකාශ කළේය.

සංවාදයේ සහ රාජ්‍ය තාන්ත්‍රික මාවතේ ගමන් කිරීමේ අවශ්‍යතාවය දුරකථන සංවාදයේදී අගමැති මෝදි අවධාරණය කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. සතුරුකම් ඉක්මනින් නැවැත්විය යුතු බවත් මෝදී පැවසීය.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, ජාත්‍යන්තර නීතිය සහ සියලු රාජ්‍යවල ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යවරයා නැවත අවධාරණය කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

සති කිහිපයකට පෙර ඉන්දීය අගමැති මෝදි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග සංවාදයේදී මෙය “යුද්ධයේ යුගයක් නොවන” බව පැවසීය. මෙම සංවාදය ඇති වූයේ එම හමුවෙන් සති කිහිපයකට පසුව බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

ඉන්දීය අගමැති මෝදී පැවසූයේ අද යුගය යුද්ධයේ යුගයක් නොවන බවයි. ප්‍රජාතන්ත්‍රවාදය, රාජ්‍ය තාන්ත්‍රිකත්වය සහ සංවාදය ලෝකය එකට තබා ගන්නා බව සැප්තැම්බර් 16දා උස්බෙකිස්තානයේ පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට සමගාමීව ඔහු රුසියානු ජනාධිපති පුටින් හමුවූ අවස්ථාවේදී ඉන්දීය අගමැතිවරයා පැවසුවේය.

යුක්රේනයේ ගැටුම පිළිබඳ ඉන්දීය අගමැතිවරයාගේ කනස්සල්ල ගැන තමාට අවබෝධයක් ඇති බව රුසියානු ජනාධිපතිවරයා පැවසීය. මේ සියල්ල හැකි ඉක්මනින් අවසන් කිරීමට රුසියාවට අවශ්‍ය බව රුසියානු ජනාධිපතිවරයා පැවසූ බව මාධ්‍ය වාර්තා කරයි.

යුක්රේනයේ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී අගමැති මෝදි යුක්රේනය ඇතුළු න්‍යෂ්ටික පහසුකම් අනතුරේ හෙළීම මහජන සෞඛ්‍යයට ව්‍යසනකාරී ප්‍රතිවිපාක ඇති කළ හැකි බව අවධාරණය කළ බව ඉන්දීය අගමැති කාර්යාලය වාර්තා කරයි.

2021 නොවැම්බරයේ ග්ලාස්ගෝ හි පැවති ඔවුන්ගේ අවසන් රැස්වීමෙන් පසු නායකයින් දෙදෙනා ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත් ක්ෂේත්‍ර පිළිබඳව ද ශවේශණය කළහ.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්