‘එයාර් බස් වැටිලා’

Spread the love

ව්‍යාපාර කටයුතුවලදී අල්ලස් ලබාදීම හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් ආන්දෝලනයට ලක්ව සිටින ‘එයාර් බස් සමාගම’ ඉකුත් 2019 වසරේදී යූරෝ බිලියන 1.36ක ශුද්ධ පාඩුවක් වාර්තා කර ඇතැයි ප‍්‍රංශ පුවත් සේවය කියනවා.

එයාර් බස් සමාගම විසින් අද (13) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් උපුටා දක්වන ප‍්‍රංශ පුවත් සේවය කියන්නේ අල්ලස් දීමේ චෝදනාවක් හේතුවෙන් ‘එයාර් බස් සමාගමට’ යූරෝ බිලියන 3.6ක දඩයක් ගෙවීමට සිදුවීමත් අමතර සංවර්ධන කටයුතු වෙනුවෙන් පසුගිය වසරේදී විශාල වියදමක් දැරීමත් නිසාත් එලෙස පාඩු විඳීමට සිදුව ඇති බවයි.

‘එයාර්බස් සමාගම සිය ඒ400එම් ප‍්‍රවාහන ගුවන් යානය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා අමතර පිරිවැයක් දැරු බවත් සමාගමේ මෙහෙයුම් ලාභ යූරෝ බිලියන 6.9ක් දක්වා ඉහළ ගිය බව ද එම නිවේදනයේ සදහන්.

එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ 2019 වසරේදී වාණිජ ගුවන් යානා 863ක් බාරදුන් බවත් මේ වසරේ දී එය 880ක් දක්වා ඉහළ නැංවීමට සමාගම බලාපොරොත්තු වන බවයි.

එම නිවේදනයේ මෙසේද සදහන් වෙනවා. ‘අපි 2019 වසරේදී බොහෝ දේ අත්පත් කරගත්තා. අපි ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් පෙන්නුම් කළා. වාණිජ ගුවන් යානා අලෙවිය ඊට ප්‍රධාන වශයෙන් හේතු වුණා’

සැක කටයුතු අයුරින් ගුවන් යානා අලෙවි කළ බවට එයාර්බස් සමාගමට එරෙහිව එල්ල වූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ද පැවැත්වෙන අතඑ එම නඩු සමථයකට පත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ එක්සත් ජනපදයට යූරෝ බිලියන 3.6ක දඩයක් ගෙවීමට එයාර්බස් සමාගම එකඟතාව පළ කළා.

ශ‍්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරියා වන කපිල චන්ද‍්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිදට අල්ලස් ගත් බවට චෝදනා එල්ල වූ අතර ඔවුන් මේ වන විට අත්අඩංගුවේ පසු වෙනවා.

RSL

Related Posts