එදා ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නා නම් අද ඉන්ධන අර්බුදයක් නැහැ

Spread the love

ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රමෝපායික සංවර්ධන සැලැස්ම ඡන්දය ඉලක්ක කර ගත්තක් නොව, ඊළග පරම්පරාව වෙනුවෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට අනුකූලව වරාය සංවර්ධනයේ දි සහ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ දී ඉන්දියාව සමග එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

ඉන්දියාවට තෙල් ටැංකි ලබාදීමේ දී මතු වු විරෝධතා පිළිබඳව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා සදහන් කළේ, එදා එම තෙල් ටැංකි ලබාදීමට ගත් තීරණය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දුන්නේ නම් රට ඉන්ධන අර්බුදයකට මුහුණ නොදෙන බවයි.

Related Posts