එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇෆ්ගනිස්ථානයේ ප්‍රහාර දැඩි ලෙස හෙළා දකී.

Spread the love

“ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව සිදු වන දරුණු ත්‍රස්තවාදී ප්‍රහාර” හෙළා දකිමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (UNSC) අපරාධකරුවන්, සංවිධායකයින්, මූල්‍ය සපයන්නන් සහ ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන්නන් වගවීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇත.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මාධ්‍ය ප්‍රකාශයක  නිකුත් කරමින් පැවසූයේ ,  “අප්‍රේල් 29දා කාබුල්හි කලීෆා සාහිබ් පල්ලියට එරෙහි ප්‍රහාරය, අවම වශයෙන් පුද්ගලයන් 30 දෙනෙකු මිය ගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා පෙන්වා දෙන බවයි” මෙම ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙළා දුටුවේය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය “අප්‍රේල් 22 වන දින සිදුවූ කුන්දුස් හි මව්ලවි සේකන්දර් පල්ලියට එරෙහි ප්‍රහාරයෙන් පුද්ගලයන් 25 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස් විශාල පිරිසකට තුවාල සිදු වීම” එමෙන්ම “අප්‍රේල් 28 වන දින මැසාර්-ඊ(Mazar-e-Sharif) හි කුඩා බස් රථ දෙකකට එල්ල වූ ප්‍රහාරය හෙළා දුටුවේය.

“රාමදාන් මාසය තුළ ඇෆ්ගනිස්ථානය පුරා ආගමික සුළුතර ප්‍රජාවන් ඇතුළු සිවිල් වැසියන්ට සහ සිවිල් යටිතල පහසුකම්වලට එරෙහිව මෑත කාලීන ප්‍රහාර කිහිපයකින් පසුව මෙම ප්‍රහාර එල්ල වී ඇති බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල මාධ්‍ය ප්‍රකාශය පවසයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සාමාජික රටවල්, “සියලු ආකාරවලින් සහ ප්‍රකාශනයන්ගෙන් ත්‍රස්තවාදය ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට ඇති බරපතලම තර්ජනයන්ගෙන් එකක්” බව යලිත් තහවුරු කර ඇත.ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ, “ඕනෑම ත්‍රස්තවාදී ක්‍රියාවක් ඔවුන්ගේ අභිප්‍රේරණය නොසලකා, සාපරාධී සහ අයුක්ති සහගත බවයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය “මෙම පිළිකුල් සහගත ත්‍රස්තවාදී ක්‍රියාවන්හි අපරාධකරුවන්, සංවිධායකයින්, මූල්‍ය සපයන්නන් සහ අනුග්‍රාහකයින් වගකිව යුතු අතර ඔවුන් නීතිය ඉදිරියට ගෙන ඒමේ අවශ්‍යතාවය” අවධාරණය කරයි. ඔවුන් යටතේ ඇති වගකීම්වලට අනුකූලව මේ සම්බන්ධයෙන් සියලුම අදාළ බලධාරීන් සමඟ ක්‍රියාකාරීව සහයෝගයෙන් කටයුතු කරන ලෙස සියලුම රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය.

පසුගිය සති කිහිපය තුළ ඇෆ්ගනිස්ථානයට මාරාන්තික පිපිරීම් මාලාවක් එල්ල විය. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය බලයට පත් වූ දා සිට ආහාර හිඟය ඇතුළු මානුෂීය අර්බුදයක ඇෆ්ගනිස්ථාන ජනතාව සිරවී සිටිති.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්

Related Posts