මුම්බායි හි ප්‍රසිද්ධ ටාජ් පැලස් හෝටලයේදී ඔක්තෝබර් 28 වන දින ඉන්දියාව විසින් සත්කාරකත්වය දරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ත්‍රස්ත විරෝධී කමිටුවේ දෙදින විශේෂ රැස්වීමේ පැවැත්වේ. මෙම ස්ථානය 2008 වසරේ බිහිසුණු 26/11 ත්‍රස්ත ප්‍රහාරයේ ඉලක්කවලින් එකකි.

ආරම්භක සැසිවාරය සඳහා සාමාජිකයින් සහ සත්කාරක නියෝජිතයින් රැස්වන බව නිල කාලසටහනේ දැක්වේ.එහිදී ඔවුන් ත්‍රස්තවාදයට ගොදුරු වූවන්ට ගෞරවය දක්වනු ඇත. 6/11 ස්මාරකයේදී විපතට පත් වූවන්ට උපහාර දැක්වීමේ ඒකාබද්ධ උත්සවයක් ද පැවැත්වේ.

පළමු දින වැඩසටහන සඳහා ටාජ් මහල් පැලස් හෝටලය තෝරා ගැනීම තුළින් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ඉන්දියාවේ ඇති අධිෂ්ඨානය ප්‍රකාශ වේ. ත්‍රස්තවාදයෙන් විපතට පත් වූවන් සිහිපත් කිරීම සඳහා මිනිත්තුවක නිශ්ශබ්දතාවයක් නවදිල්ලි නුවර ටාජ් පැලස් හෝටලයේදී පැවැත්වෙන රැස්වීමේදී පවත්වනු ඇත.

මෙම රැස්වීමේදී එයට සහභාගි වන්නන් හට වර්තමාන තර්ජන වලට එරෙහිව සටන් කිරීම සඳහා නව සහ නැගී එන තාක්‍ෂණය භාවිතා කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.

ආරම්භක දිනයේ, සාමාජිකයින් “තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ ත්‍රස්තවාදී සූරාකෑම මැඩපැවැත්වීම” පිළිබඳ පළමු තේමා සාකච්ඡාවට සහභාගී වනු ඇත.

මෙහිදී ත්‍රස්තවාදයට මුල්‍යකරණය නව ගෙවීම් තාක්‍ෂණ හා අරමුදල් රැස් කිරීමේ ක්‍රමවලට අදාළ තර්ජන හා අවස්ථා පිළිබඳ සහ මිනිසුන් රහිත ගුවන් පද්ධති ත්‍රස්තවාදී භාවිතය මගින් එල්ල වන තර්ජන” පිළිබඳ ව ද දේශන පවත්වනු ඇත.

එමෙන්ම ත්‍රස්තවාදීන් විසින් දියුණු වෙමින් පවතින තාක්‍ෂණය භාවිතය වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කරනු ඇත.

ත්‍රස්ත මර්දන කමිටුවේ සාමාජිකයින්ගේ මැදිහත්වීම්, අනෙකුත් සාමාජික රටවල මැදිහත්වීම් සහ අනෙකුත් සහභාගිවන්නන්ගේ සහභාගීත්වය ද රැස්වීමට අපේක්ෂා කෙරේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ත්‍රස්ත විරෝධී කමිටුවේ නිල ප්‍රකාශයට අනුව, විශේෂ රැස්වීම එක්සත් ජාතීන්ගේ නිල භාෂා හයෙන්ම පැවැත්වේ. එයට සමස්ත සංවිධානයේ සාමාජිකත්වයට මෙන්ම ත්‍රස්ත විරෝධී විධායක අධ්‍යක්ෂ මණ්ඩලයෙහි ගෝලීය පර්යේෂණ ජාලයේ සාමාජිකයින් සහ සංවිධාන වැනි අනෙකුත් අදාළ පාර්ශවකරුවන්ට ප්‍රවේශ විය හැකිය.

මෙම රැස්වීමේදී එයට සහභාගිවන්නන්ට දැනට පවතින සහ සංවර්ධනය වෙමින් පවතින අවදානම් සහ හොඳම භාවිතයන් මෙන්ම මානව හිමිකම්වලට එරෙහිව සටන් කිරීමට නව තාක්‍ෂණය භාවිතා කරන ආකාරය පිළිබඳව පුළුල්ව සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්