ඍජු බදු වැඩි නොකළොත් නැවත පෝලිම් යුගයකට

Spread the love

සෘජු බදු අයකිරීම් 20% කට වඩා ඉහළ දැමිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

බදු සංශෝධනය පිළිබඳව සිදුකළ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, 2026 වනවිට දළ දේශීය නිෂ්පාදනය 14.5% – 15% ත් අතර ආදායම ලබාගැනීමේ ඉලක්කය කරා යෑම සඳහා රු.100,000ට වැඩි ආදායමක් උපයන පුද්ගලයින් මත ආදායම් බදු අයකිරීමට තීරණය කළ බවයි.

එසේ කිරීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය නොලැබීමේ හැකියාවක් පවතින බවත්, එසේ වුවහොත් නැවත පෝලිම් යුගයක් ඇතිවිය හැකිවිය හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

ඉදිරියේදී, පවතින තත්ත්වයටත් වඩා අමාරු කාලයක් ඇතිවිය හැකි බැවින් අකමැත්තෙන් වුවද සමහර තීරණ ගැනීමට සිදුවන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සාර්ථක කිරීම සහ මහ කන්නය තුළින් වැඩි අස්වැන්නක් ලබාගෙන, ඉන් ලැබෙන ආර්ථික වාසි ලබා ගැනීම සිය අරමුණ බවද ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශය මඟින් වැඩිදුරටත් සඳහන් කළා.

Related Posts