උපුල් රෝහණට සෞඛ්‍ය විමර්ශන ඒකකයෙන් කැඳවීමක්

Spread the love

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණට සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන ඒකකයෙන් කැඳවීමක් සිදුකර තිබෙනවා.

ත්‍රීපෝෂවල ඇෆ්ලටොක්සින් නම් වූ පිළිකා කාරකය ප්‍රමාණය ඉක්මවා අඩංගුවී ඇති බවට ඔහු සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔහු මෙලෙස කැඳවා තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, තමන් එම ප්‍රකාශය සිදු කළේ තහවුරු කර ගැනීමෙන් පසුව බවත් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කිරීමේ අරමුණින් බවයි.

Related Posts