ඇසෑම් ප්‍රාන්තය ඊසානදිග ඉන්දියාවේ ස්වභාවික සුන්දරත්වය සහ අද්විතීය සංස්කෘතිය ප්‍රදර්ශනය කරන කලාපයකි. ඉදිරි මාස කිහිපය තුළ ප්‍රාන්තය ඉන්දියාවේ සභාපති යටතේ ජී-20 රැස්වීම් මාලාවක් පවත්වන ලබන්නේ ද ඇසෑම් ප්‍රාන්තය පුරා ය.

යෞවන 20 ආරම්භය රැස්වීම පෙබරවාරි 6-8 දක්වා ප්‍රාන්ත අගනුවර වන ගුවහාටි හි පැවැත්වේ.

ඇසෑම් අගනුවර ජී-20 තිරසාර මූල්‍ය ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීමට සත්කාරකත්වය ලබා දීම අවසන් කර ඇත.

ජී-20 නියෝජිතයින්ට යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන කසිරංග ජාතික වනෝද්‍යානය නැරඹීමට අවස්ථාව ලැබුණු අතර ඉන්දියාවේ ශාක හා සත්ත්ව විවිධත්වය පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබුණි.

බ්‍රහ්මපුත්‍ර නදියේ වැලි බැම්මක් මත ඇති මනරම් මධ්‍යස්ථානයක ඊසානදිග ඉන්දියාවේ ආහාර, සංස්කෘතිය සහ හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය කිරීමට ද පරිපාලනය මෙම අවස්ථාව යොදා ගත්තේය.

‘මසෝර් ටෙන්ගා’ සහ ‘ආලූ පිටිකා’ වැනි ඇසෑම් ආහාර රස විඳීමට ද නියෝජිතයින්ට අවස්ථාවක් ලැබිණි. සංස්කෘතික වැඩසටහනකදී සාම්ප්‍රදායික නැටුම් ආකෘතීන් නැරඹීමට අමතරව සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත පිළිබඳවද ඔවුහු අවධානය යොමු කළහ.

පළමු තිරසාර මූල්‍ය ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීමේදී ජී-20 නියෝජිතයින් සඳහා මධ්‍යම ආයුෂ් අමාත්‍යාංශය විසින් යෝග සැසි සංවිධානය කරන ලදී.

මීට අමතරව, 2023 ජාත්‍යන්තර මෙනේරි වසර ලෙස සමරනු ලැබීමත් සමඟ, ජී-20 නියෝජිතයින්ට ‘මෙනේරි-වඩා’ සහ ‘මෙනේරි-පෑන්කේක්’ වැනි විවිධ කෑම වර්ග පිරිනමන ලදී.

රැස්වීම් කුමක් සදහා ද ?

තරුණ-20, හෝ Y20, ජී-20 හි නිල බැඳීම් කණ්ඩායම් වලින් එකකි. 2023 තරුණ 20 සමුළුවට ඉන්දියාව සත්කාරකත්වය සපයනු ලබන්නේ මෙම වසර අගදීය.

ගුවහාටිහි පැවැත්වෙන යෞවන 20 ආරම්භ රැස්වීම, වඩා හොඳ හෙටක් සඳහා අදහස් පිළිබඳව ජාතියේ තරුණයන්ගෙන් අදහස් විමසීමට සහ ක්‍රියාව සඳහා න්‍යාය පත්‍රයක් කෙටුම්පත් කිරීමට, ඉන්දියාව පුරා සාකච්ඡා සඳහා අවස්ළුාව සලසනු ඇත. Y20 තරුණයින්ට ජී-20 ප්‍රමුඛතා පිළිබඳ ඔවුන්ගේ ඉදිරිදර්ශන සහ අදහස් ප්‍රකාශ කිරීමට වේදිකාවක් සපයනු ඇත.

යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයට අනුව, Y20 තරුණයින්ට ජී-20 ප්‍රමුඛතා පිළිබඳ ඔවුන්ගේ ඉදිරිදර්ශන සහ අදහස් ප්‍රකාශ කිරීමට වේදිකාවක් සපයනු ඇත.

ජී-20 තිරසාර මූල්‍ය ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම ඉන්දීය මධ්‍යම අමාත්‍ය සදානන්ද සොනොවාල් විසින් ආරම්භ කරන ලදී. ‘තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා මුල්‍ය සබල කිරීම’ සහ ‘දේශගුණික මූල්‍ය සඳහා මූල්‍ය සම්පත් බලමුලු ගැන්වීමේ යාන්ත්‍රණ’ වැනි මාතෘකා යටතේ මෙම රැස්වීමේ සැසි පැවැත්විණි.

ඇසෑම් හි තවත් නගරයක් වන ඩිබ්‍රුගාර් 2 වන රැකියා ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම අප්‍රේල් මාසයේදී පවත්වනු ඇත.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්